monkeypox-sri-lanka

විදෙස්ගතව සිට මෙරටට පැමිණි අයට උණ රෝගය පවතියි නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම හා එහිදී තමන් විදෙස්ගතව සිට පැමිණි බවට වෛද්‍යවරයා දැනුම්වත් කිරීම අත්‍යවශ්‍ය වන බව සෞඛ්‍ය අමාතයංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (අධ්‍යාපන, පුහුණු හා පරියේෂණ) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කළේය.

ඒ මහතා මේ බව අවධාරණය කර සිටියේ, මැලේරියා තත්වය හා ලොව මේ වනවිට පැතිර යන "මන්කිපොක්ස්' රෝගය සම්බන්ධයෙන් කළ විමසීමේදීය.

මන්කිපොක්ස් හෙවත් "වඳුරු උණ” රෝගය ලොව පුරා රටවල් 75කට අධික සංඛ්‍යාවක මේ වනවිට පැතිරෙමින් ඇති අතර, ඒ අනුව, එය ලොව පුරා හදිසි සෞඛ්‍ය තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. කෙසේ වුවද එම රෝගය ශ්‍රී ලංකාව තුළින් මේ වන තෙක් වාර්තා වී නොමැති නමුත්, ඒ පිළිබඳ සෞඛ්‍ය අංශ දැඩි අවධානයකින් පසුවන බවද විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය. හෙතම සඳහන් කර සිටියේ , තද උණ සමඟ පැපොල රෝග ලක්‍ෂණවලට සමාන ශරීරණය පුරා පැතිර යන බිබිලි හෝ කුධ යනාදි ලක්ෂණ මෙම රෝගයේ ලක්ෂණ වන බවයි.  ඒ අනුව රෝගීන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකාව තුළ පවතින බව පැවසු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, ශ්‍රී ලංකාවාසීන් ලෙස මේ පිළිබඳ සියලු දෙනා අවධානයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බවද පෙන්වා දුන්නේය.


-නිදර්ශනි වික්‍රමසිංහ