
පොහොට්ටුවේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රී වරයාගේ යෝජනාවක් අනුව රනිල් වික්‍රමසිංහ ජනපති අපේක්ෂකයා ලෙස පත් කර අද දින ඔහු ඡන්ද විමසීමේදී ජය ගත්තේය. රාජපක්ෂවරුන් රැකීම පිනිස රනිල් පත්කළ පුන පුනා ඇසෙන රාවයයි.
කරුණු එසේ තිබියදී මාස දෙකහමාරකට පසු කලඑළි බැස්ස හිටපු අගමැති මහින්ද රාජපක්ෂ තරමක අමුතු කතාවක් මාධය ඉදිරියේ කියා සිටියේය. ඒ ඔහු ඡන්දය ප්‍රකාශ කලේ රනිල්ට නොවන බවයි.
මහින්ද රාජපක්ෂ මහතා පිටවයන අවස්ථාවේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු ඒ මෙසේ කීය.
"අපි ඉදිරිපත් කළා ඩලස් ව. අපි ඡන්දය දුන්නා. පැරදුනා ඉතින්. කවුරු හරි දිනන්න එපැයි."
"ඡන්ද වැඩියෙන් හම්බුණා.. එයා ජනාධිපති වුණා. ඒක තමයි වුණේ. ඉදිරියේදී මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා. කොයි ආණ්ඩුව වුණත් රටේ ජනතාවට වැඩකරන්න ඕනේ."
"එක එක මත තිබෙනවා නේ. කට්ටියක් කියන්නේ මේක නෙමෙයි ජනමතය කියලා. අපි කියන්නේ මේක තමයි ජනමතය කියලා."
"දැන් ඉතින් අරගලය කරා ඇති කියලයි මං හිතන්නේ. ගාලු මුවදොර අරගලය කරන තරුණයින් දැන් තේරුම් ගන්න ඕනේ. එළියට ගිහිල්ලා වැඩ කරන්න."
මාධ්‍යවේදියෙක් - ඔබතුමා ඡන්දය ප්‍රකාශ කළෙත් රනිල් වික්‍රමසිංහ මහතාට ද?
මහින්ද රාජපක්ෂ මහතා - "නෑ.. එහෙමත් නැහැ."
මාධ්‍යවේදියෙක් - ඉදිරියේ ආණ්ඩුවක් පිහිටුවන්න ඔබතුමාගේ පාර්ශ්වයෙන් මැදිහත්වීමක් වෙනවා ද?
මහින්ද රාජපක්ෂ මහතා - "අපි එහෙම තාම තීන්දුවක් අරගෙන නැහැ. පක්ෂය ගන්න ඕනෑම තීන්දුවකට මම එකඟයි."
Comments
Post a Comment
Your comment will be visible after approval