
ලිබියාවේ විරෝධතාකරුවන් පිරිසක් පසුගිය සිකුරාදා පැවැති උද්ඝෝෂණයක් අතරවාරයේදී එරට ටොබ්රුක් නුවර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත වඩා වැදී ඇතැයි එරට මාධ්‍ය පවසයි.
රට තුළ ජීවන තත්වය පහත වැටීම මෙන්ම දේශපාලන අස්ථාවරත්වය පිළිබඳව විරෝධතාව පළ කරමින් එම ජනතාව මෙලෙස එම උද්ඝෝෂණයේ නිරත වී තිබේ. මෙහිදී විරෝධතාකරුවන් අතරින් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඇතුළට යාමට සමත්ව තිබෙන අතර,
එම කටයුතු පහසු කරගැනීම සඳහා ඇතැම් පිරිස් බුල්ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් ගොඩනැගිල්ලේ ගේට්ටු කඩා දැමීමක්ද සිදු කර තිබේ.
එසේම ඇතැම් පිරිස් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ ටයර් ගිනිතැබීමක්ද සිදු කර ඇති අතර, මේ හේතුවෙන් එම ගොඩනැගිල්ලේ කොටසක් ගිනි ගැනීමටද ලක්ව තිබේ.
ලිබියාව තුළ පවතින දේශපාලන මතභේදකාරී තත්වය හේතුවෙන් වර්තමානයේදී රට තුළ දැඩි ආර්ථික අර්බුදයක්ද මතුව තිබේ. එහිදී ලිබියානු ඉන්ධන පරිශ්‍ර කිහිපයක් වසා දැමීම හේතුවෙන් එරට තුළ විදුලිබල සැපයුමද දින ගණනක් පුරා අත්හිටුවීමක්ද සිදුව තිබේ.



Comments
Post a Comment
Your comment will be visible after approval