
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වලින් ඉවත්වන තුරු එම පිරවුම්හල්වෙත ඉන්ධන ලබා දීම සිදු නොකරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉන්ධන අවසර පත්‍රය සදහා ලියාපදිංචිය සහ වාහන අංකයේ අවසන් අංකය අනුව ඉන්ධන ලබා දීමට දින වෙන් කිරීමේ වැඩපිළිවෙල අනිවාර්ය බවයි. ඒ හේතුවෙන් පෝලිම්වල රැදී සිටීමෙන් වැළකී එම වැඩපිළිවෙලට සහය දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියි. පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 රැගත් නෞකාවක් අද දිනයේ දිවයිනට ළඟා වීමට ද නියමිතය. එම ඉන්ධන ගොඩබෑමෙන් පසු බෙදාහරින දිනයක් පිළිබද දැනුම් දෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval