july-08-tear-gas-anthare

හෙට (09) පැවැත්වීමට නියමිත විරෝධතාවට සමගාමීව අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍යබල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පාගමන කැලණිය විශ්වවිද්‍යාලයය ඉදිරිපිට සිට කොළඹ නගරය වෙත පැමිණි අතර ඔවුන් කොටුව ලංකා බැංකු මාවත අසලදී එක්රැස්වූ ස්ථානයට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකරන්නට පොලිසිය කටයුතු කර තිබේ.


 විරෝධතාවය හේතුවෙන් කොළඹ අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර මෙම කන්ඩායම අද 8 රාත්‍රී කොළඹ නගරයේ රැඳී සිටිමින් හෙට 9 පවත්වන දැවැන්ත විරෝධයට සම්බන්ධවීමට නියමිතය.
මේ අතර අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාකරුවන්ට කුරුඳුවත්ත පොලිස්බල ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබේ.
සාමකාමී විරෝධතා සඳහා නීතිමය බාධාවන් එල්ලකිරීමට නොහැකි බවත් මානව හිමිකම් ගැටලු මතුවිය හැකි බවත් දැනදැනම පොලිසිය දේශපාලන අවශ්‍යතා මත විරෝධතා නතර කරන්නට වෑයම් දරන ආකාරයක් පෙන්නුම් කර ඇත. video below