italian-man-98-age-degree

ඉතාලි ජාතික ගියුසෙපේ පාටෙර්නෝ නම් 98 හැවිරිදි පුද්ගයෙකු එරට තුළ උපාධියක් ලබාගත් වයස්ගතම පුද්ගලයාට හිමි වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පසුගියදා ඔහු ඉතාලියේ පැලෙර්මෝ විශ්වවිද්‍යාලයෙන් සිය ඉතිහාසය සහ දර්ශනවේදය පිළිබඳ උසස් උපාධිය හිමිකර ගනිමින් මෙම නව වාර්තාව තබා තිබේ.

දැනට වසර දෙකකට පෙරාතුව සිය වයස අවුරුදු 96දි ඔහු මෙම උපාධියේ මුලික් උපාධිය සම්පුර්ණ කරමින් මෙම වර්තාව පළමුවරට තැබීමටද සමත් විය.1923 වසරේදි ඉතාලියේ සිසිලි නගරයේදි උපත ලබා ඇති පාටෙර්නෝ කුඩා කල සිටම දරිද්‍රතාවයේන් පෙළුණු අයෙකු බව පැවසෙයි .ඒ අනුව ඔහුට මුලික අධ්‍යාපනය සඳහා පමණක් අවස්ථාව හිමිව ඇති අතර දෙවැනි ලෝක යුද්ධය ආරම්භයත් සමඟ ඔහු නාවික හමුදාව වෙත සම්බන්ධ වී තිබේ . අනතුරුව ඔහු සිය වයස අවුරුදු 20 දි දුම්රිය සේවයේ රැකියාවක නිරත වී ඇත.කෙසේ වෙතත් සිය ඉගෙන ගැනීමේ උනන්දුව අත්නොහැර ඇති පාටෙර්නෝ අවුරුදු 31 සිය උසස් පාසල් අධ්‍යාපන කටයුතු හමාර කර ඇත.

පසුව විවාහ වී ඇති ඔහු දරුවන් දෙනෙකුගේ පියෙකුද වෙයි.සිය දරුවන්ද වැඩිහිටියන් බවට පත්වීමෙන් අනතුරුව ඔහු යළිත් සිය අධ්‍යාපන කටයුතු වෙත හිත යොමුකර ඇති අතර ,2017 වසරේදි ඔහු විශ්වවිද්‍යාලයේ මෙම උපාධිය සඳහා ඇතුළත්ව තිබේ .අධ්‍යාපන කටයුතු සිදුකරද්දි ඔහු සිය පර්යේෂණ සඳහා වර්තමාන අන්තර්ජාල පහසුකම් භාවිතයකින් තොරව පොත්පත්ම භාවිතා කළ බවත් සඳහන් වෙයි.ඒ අනුව දුප්පත්කම දෙවැනි ලෝක යුද්ධය මෙන්ම covid - 19 වසංගතයක් පරාජයට පත් කරමින් මෙවැනි වයසකදි උපාධියක් ලබා ගැනීම ඔහු සතු වු සුවිශේෂි දක්ෂතාවක් බවත් ඔහු සැමටම ආදර්ශයටක් බවත් විදෙස් මාධ්‍ය සදහන් කරයි.සැමවිටම කියවීමේ පුරුද්දක් ඇති කරගෙන සිටි පාටෙර්නෝ මේ සියලු සාර්ථකත්වයන් සඳහා එය ඉවහල් වු බව පවසා සිටියි.