
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය පවසන්නේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් අධිකරණ නියෝගයකට අනුව ජුලි 21 වැනිදා ගෝඨා ගෝ ගම විරෝධතා භූමියෙන් ප්‍රථමාධාර කඳවුර ඉවත් කළ බවයි.
බණ්ඩාරනායක ප්‍රතිමාවේ සිට මීටර් 50ක පමණ වට ප්‍රදේශයක් විරෝධතාව පැවැත්වෙන ස්ථානයට රැස්වීම තහනම් කරමින් අධිකරණය මීට පෙර නියෝගයක් නිකුත් කර තිබු අතර අනතුරුව ආරක්ෂක අංශ යොදවා විරෝධතාකරුව්න රැඳී සිටි විශාල පෙදෙසක් අත්පත් කරගැනීමටද රජය කටයුතු කර තිබුණි.

Comments
Post a Comment
Your comment will be visible after approval