
අද 9 දින රටේ උද්ගතව ඇති ජන විරෝධය හමුවේ අගමැති රනිල් පක්ෂ නායක හමුවක් කැඳවූ අතර ඒ සඳහා සමගි ජන බලවේගය හා ජාතික ජනබලවේගය පක්ෂ දෙකම සහභාගී වීම ප්‍රතික්ෂේප කරන ලදි.
සූම් තාක්ෂණය ඔස්සේ එය පැවැත්වීමට සැලසුම් කළ අතර ඊට වෙනත් සුළු පක්ෂ එකඟවී ඇතැයිද දැනගන්නට ලැබේ.
මේ අතර කතානායක වරයාද විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති අතර ඒ සඳහා සමගි ජන බලවේගය සහභාගී වන්නට කැමැත්ත පළ කර ඇත.
වාර්තාවන ආකාරයට විපක්ෂයේ පක්ෂ එක්වී සජිත් ප්‍රේමදාස මුල් කරගත් සර්ව පාක්ෂික ආන්ඩුවක් පිහිටුවන්නට මෙහිදී යෝජනා කරන බව දැනගන්නට ඇත. මේ ගැන කතාකිරීම සඳහා සමගි ජනබලවේගයද වෙනම පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇත.
මේ අතර විශේෂයෙන් වාර්තාවන්නේ අද දින කතානායකවරයා කැඳවා ඇති පක්ෂ නායක හමුවේදී ගන්නා ඕනෑම තීරණයකට ජනපති ගෝඨාභය රාජපක්ෂ එකඟ බව දන්වා තිබීමය.
පක්ෂ නායක රැස්වීමේදී ගන්නා ඕනෑම තීරණයක් සඳහා තමන්
එකඟ වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
වෙත දැනුම්දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
අරගලකරුවන් ජනපති මන්දිරය ඇතුළේ සිට විශේෂ මාධ්‍ය හමුවක්ද පවත්වන ලද අතර එහිදී කියා සිටියේ ජනපති අගමැති ප්‍රමුඛ රජය ඉවත්වී අන්තර්වාර ආන්ඩුවක් පිහිටුවිය යුතු බවත් එම පාලනයද තම අධික්ෂණයට ලක්වන බවත්ය.
මේ අනුව අනුමාන කෙරෙන්නේ ජනපති ගෝඨාභය අගමැති රනිල් ප්‍රමුඛ රජය අද සවස ඉල්ලා අස්වනු ඇති බවත් කතානායක වරයාට පැවරෙන භාරකාරීත්වය යටතේ පාර්ලිමේන්තුවේ සර්ව පක්ෂ එකමුතුවක තාවකාලික ආණ්ඩුවක් මැතිවරණයක් පැවැත්වීම තෙක් පිහිටුවනු ඇති බවත්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval