
ජනතාවගේ අරගලයට සම්පූර්ණ සහය දෙමින් අද (09) දිනයේ ඩීසල් තිබෙන සියලුම බස් රථ ධාවනයට කටයුතු යොදන අතර ඊට බාධා කිරීමට ආණ්ඩුවට අයිතියක් නොමැති බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේය.
තම සංගමය අද දිනයේ ක්‍රියාත්මක වන අරගලයට කිසිදු සහයක් නොදක්වන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා තිබේ.
ඔහු සදහන් කරන්නේ තම සංගමය ස්වාධීන සංගමයක් බැවින් රජයේ පාර්ශවයට හෝ අරගලකරුවන්ගේ පාර්ශවය යන දෙපාර්ශවයටම සහය නොදක්වන බවයි.
ලංගම බස් රියදුරන් විසින් ආරම්භකර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය ද පාලනාධිකාරිය සමඟ පැවති සාකච්ඡාවලින් පසු අත්හිටුවීමට තීරණය කර ඇත. ඒ අනුව අද සුපුරුදු පරිදි ලංගම බස් රථ ධාවනය වන බව සඳහන් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval