
ඕස්ට්‍රෙලියාවට එරෙහි ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 554ක් රැස් කර ගැනීමට සමත් විය.එහිදී දිනේෂ් චන්දිමාල් අගනා ලකුණු 206 ක් නොදැවී රැස් කර ගනු ලැබීය.
ඕස්ටෙලියාව පළමු ඉනිමේ රැස්කර ගනු ලැබුවේ ලකුණු 364ක් පමණි. ඒ අනුව ශ්‍රීී ලංකාව ලකුණු 190 ක් ඉදිරියෙන් සිටී.
අද දින දිනේෂ් චන්දිමාල් (206) ඔහුගේ ටෙස්ට් දිවියේ පළමු ද්විත්ව ශතකය වාර්තා කර ගැනීම විශේෂ සිදුවීමක් විය.
ඔහුගේ ද්විත්ව ශතකය සඳහා ඔහු පන්දු 326 කට මුහුණ දුන් අතර එයට හතරේ පහර 16ක් සහ හයේ පහර පහක් එල්ල කර තිබුණි.
දිමුත් කරුණාරත්න ලකුණු 86ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 85ක්, ඇන්ජලෝ මැතිව්ස් 52 ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 61 ක් රැස්කර තිබේ.
තරගයේ සිවුවැනි දිනය වන අද ඕස්ට්‍රෙලියාව දෙවන ඉනිම අරඹා තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval