
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. හිටපු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ ඉවත්වීමෙන් පසු ධම්මික පෙරේරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණියේය.
ඔහු සිය අමාත්‍ය ධූරයේ කටයුතු කළේ දින 16 ක කාලයක් පමණක් වන අතර පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශ කළේ අගමැති රනිල් වික්‍රමසිංහයට ධුරයෙන් ඉවත්වෙන ලෙසයි. ඔහු සිය වියදමින් දිනකට ලක්ෂ 50 බැගින් වියදම් කරමින් වැඩ කරන බව කියා සිටි ඇමති වරයෙකි.
දේශපාලන ආරංචි පවසා තිබුනේ රනිල් ඉවත් කර අගමැති ධූරය ධම්මිකට ලබාදීමට සැලසුමක් පැවති බවයි.
මේ අතර කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරද අද සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව කියා සිටියේය. ඔහු ජනපති ගෝඨාභය වෙත එක්වී ඇමතිකම් ලබාගැනීම නිසා ශ්‍රීලනිපයේ ගැටලුකාරී තත්ව මතු කර තිබූ අයෙකි.
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉල්ලා අස්වන බව කියා තිබෙන අතර ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා ඉල්ලා අස්වීමකදී කැබිනට් මන්ඩලයම අහෝසි වන පසුබිමක මෙම ඇමතිවරුන් වෙන වෙනම ඉල්ලා අස්වීම අර්ථ විරහිතය.
මින් ඉහත මනුෂ,හරින් හා බන්දුල ගුණවර්ධනද මාධ්‍ය වෙත ලිපි ලියමින් ඉල්ලා අස්වීම නිවේදනය කළේ ඒ අනුව යමිනි.
Comments
Post a Comment
Your comment will be visible after approval