delgoda-incident

දෙල්ගොඩ, කඳුබොඩ ප්‍රදේශයේ නිවසක හුදකලාව පදිංචිව සිටි කාන්තාවක පෙරේදා (12) නිදි යහනේදී ඝාතනය කර ඇති බව මීගහවත්ත පොලීසිය පවසයි.


ලංකා ගනේෂි පනාපිටිය අවු (42) නැමැත්තියක මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. කඳුබොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක අය විසින් ඉදිකල දෙමහල් නිවසක තනිව පදිංචිව සිට ඇති බවත් ඊට ඉදිරිපිට නිවසේ පදිංචි අයගේ සහෝදරිය විසින් අක්කාගේ නිවසේ විදුලි ලාම්පු නොදැල්වෙන බැවින් හා ඇගේ දුරකථනයෙන් පිළිතුරු නොමැති නිසා නිවසට ගොස් සොයා බැලීමේදී නිවසේ උඩුමහල් කාමරයේ නිදියහන මත ඝාතනය වී සිටි අයුරු සොයාගෙන තිබේ.

මියගිය තැනැත්තිය කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන අතර ඇය සංස්කෘතිය දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරීනියත ලෙස සේවය කර ඇති බවද පොලිසිය පවසයි.අදාළ කාත්තාවට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සිදු කර ඇති බව පරික්ෂණාවලදී අනාවරණය විය.අදාළ ඝාතනයට සම්බන්ධයෙන් එම ප්‍රදේශයට පිට ප්‍රදේශයකින් පැමිණි පොල් කඩන පුද්ගලයෙකු පිළිබඳ පොලිසියට සැක මතුව ඇති අතර ඔහු සොයගන්නට පරීක්ෂණ සිදු කරයි.