
අද (6) කොළඹ පැවති විරෝධතා දෙකකදී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර දියත් කර තිබේ.
රටේ මේවන විට ගොවි ජනතාවට ඇතිවී තිබෙන ප්‍රශ්න වලට විසදුම් ඉල්ලා පිරිසක් අද(06) දහවල් කොළඹ - මහ වීදිය, විමලධර්ම මාවත පරිශ්‍රයේ විශේෂ විරෝධතාවයක් ආරම්භ කර තිබූ අතර
මෙම විරෝධතාවය සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටි බව පැවසිණි.
එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ ය.
මීට අමතරව ඛනිජ තෙල් සම්පත් සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව දියත් කළ විරෝධතාවයට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබේ.
ඒ විරෝධතාකරුවන් පළමු පොලිස් මාර්ග බාධකය බිඳ ඉදිරියට ගමන් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග පොල්දූව මංසන්දියෙන් සහ ජපන් මිත්‍රත්ව පාලම අසලින් වසා දමා තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval