
චැතම් වීදියේ බාධක බිදගෙන පැමිණි ජනතාව අවසානයේ ජනපති මන්දිරයේ ගේට්ටු බිදගෙන දහවල් 1 ට පමණ මන්දිරයට ඇතුළුවී තිබේ.
12.15 pm
කඳුළු ගෑස් පහරට අවස්ථා කිහිපයක ලක්ව බැරියර් බිද දමමින් අරගලකරුවන් චැතම් වීදියේ ජනපති මන්දිරය ආසන්නයේ අවසාන මුර කපොල්ල දක්වා පැමිණීමට සමත් වී ඇත.
ඒ අනුව ඔවුන් මේ වනවිට ජනපති මැදුර අසල ඇති ගේටුටව වටා හා ඔරලෝසු කණුව අසලට රොක් වී ඇති අතර ගේට්ටුව ආසන්නයේ අවසන් මුර කපොල්ල බිද දමමින් සිටී.
පසුගිය අප්‍රේල් මාසයේ සිට ජනපතිවරයා මිරිහාන නිවස වෙනුවට වාසය කිරීමට තෝරාගත්තේ මෙම ස්ථානය වන අතර ඊයේ සවස වාර්තා වූයේ ජනපති ආරක්ෂා සහිත වෙනත් ස්ථානයකට පිටත්ව ඇති බවකි.
සජීවී විකාශය පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval