
බවුසර් 18 ක් පිරවිය හැකි ඉන්ධන මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
ඉන්ධන තොග සඟවාගෙන වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කළ මෙහෙයුම්වලින් ඊයේ (07) වන විට ඩීසල් ලීටර් 68,168ක්, පෙට්‍රල් ලීටර් 32,122ක් සහ භූමිතෙල් ලීඩර් 19,098ක් වශයෙන් ඉන්ධන ලීටර් 119,388ක් වැටලීම්වලින් සොයාගෙන තිබෙන බවත් එම ප්‍රමාණය බවුසර් 18කට අධික ප්‍රමාණයක ඉන්ධන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.වැටලීම් 1,000කදී මේ ඉන්ධන තොගය සොයා ගැනෙන අතර එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 930කි. මේ ඉන්ධන තොග සඟවාගෙන වැඩි මිලට අලෙවි කරමින් මේ පිරිස සිට ඇති බවත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු කර ඇති බව ඔහු කීය.
මෙම ධාරිතාව හසුවූ තෙල් තොග සම්බන්ධයෙන් වන අතර මේ දක්වා හසුනොවූ තෙල් තොග සැලකීමේදී රට තුළ නැවකට සරිලන ඉන්ධන ජාවාරම්කරුවන් සතුව ඇති බවට මින් ඉහත ආර්ථික විද්‍යා ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මාධ්‍ය වෙත දන්වා තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval