Pope-Francis-denies-he-is-planning-to-resign-soon

වතිකානුවේ අති උතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට කටකතා පැතිර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. විශේෂයෙන්ම ආසන්න කාලසීමාවේදී උන්වහන්සේ ඇතිවූ රෝගී තත්වයන් හේතුව වී තිබේ. 85 හැවිරිදි වියෙහි පසුවන පාප්තුමෝ මේ වනවිට දණහිසේ ආබාධයකින් පෙළෙමින් සිටිති.  යම් ලෙසකින් සිය සොඛ්‍ය තත්ත්වය තවදුරටත් අයහපත් වුවහොත් තමා ධුරයෙන් ඉවත්වීමට සූදානමින් සිටින බවට පාප්තුමා පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇතැයි කළ විමසීමකට එතුමන් පිලිතුරු දී ඇත. ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවට පළවන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡාවේදී සිදුකළ විමසීමකට පිළිතුරු දී ඇති පාප්තුමන්, එවැන්නෙක් තමන්ගේ සිතෙහි නොමැති

නමුත් වතිකානුවෙහි පාලනය පවත්වාගෙන යාමට සෞඛ්‍ය තත්වය කාරණාවක් වුවහොත් එම තීරණය ගන්නා බව මෙහිදී පවසා ඇතැයි විදෙස්මාධ්‍ය සඳහන් කරයි. "කාලය පැමිණියාම, මට තේරුණා සොඛ්‍ය තත්වය නිසා මට මේ කතෝලික පල්ලිය පවත්වාගෙන යන්න බෑ කියලා, මම ඉන් ඉල්ලා අස්වෙනවා.” පාප්තුමන් පවසා තිබේ. මෙහිදී ෆැන්සිස්  පාප්තුමතමාට පෙර පාප් ධුරය දැරූ  දහසයවැනි බෙනඩික් පාප්වහන්සේඋදාහරණයට ගත් අතර, 2013 වසරේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීම එතුමන්ට මෙන්ම, කතෝලික පල්ලියටත් යහපත් දෙයක් වූ බව පවසා තිබේ. මෙම ඉල්ලා අස්වීම වසර 600ක ඉතිහාසය තුළ පාප්තුමෙකු ඉල්ලා අස්වූ පළමුවැනි අවස්ථාවද විය.

පාප්තුමන් අද වන විට කතෝලික පල්ලියේ ප්‍රධානියා මෙන්ම, රෝමයේ බිෂොප්වරයා  ලෙසද කටයුතු කරයි. ෆ්‍රැන්සිස් පාප්තුමන් ඉදිරි සතිවලදී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සහ දකුණු සුඩානයේ සිදුකිරීමට නියමිතව තිබූ සංචාරයන්ද මෙම රෝගී තත්වයන් නිසා අත්හැර දමා තිබේ. මේ අතර යම් ලෙසකිතුමත් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමක් සිදුවුවහොත් ක්නව පාප්තුමකු පත්කරගැනීම සම්බන්ධයෙන් වන අදහස් හුවමාරුවක්ද මේ වනවිට කාදිනල්වරුන් අතර පැවැත්වී ඇතැයිද ආරංචි මාර්ග පවසයි. සාකච්ඡාව ලබන අගෝස්තු මාසය අගදී පැවැත්වෙනු ඇතැයි සදහන් වෙයි.