ජනමාධ්‍ය තුළ බෙහෙවින් ප්‍රකට අදහස් පළ කරන්නෙකුවූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමින් දයාසිරි ජීවිතයෙන් සමුගත්තේය. මියයනවිට වයස 76 කි. ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සුවිශේෂ අවස්ථා කිහිපයකදී නීතීඥයෙකු ලෙස සටන් වදිමින් ඔහු යුක්තිය සාධාරණය වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළේය. විශේෂයෙන් ව්‍යවස්ථා සංශෝධන ආදිය නිවැරදි දිශාවට ගෙන ඒමට හා ජනතා යහපත පිණිස වෙනස් කිරීමට ඔහු නීතියෙන් සටන් කළ අයෙකි.
ගෝමින් දයාසිරි මැතිතුමාගේ දේහය 02 සෙනසුරාදා පෙරවරු 8 සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර එදින සවස 5 ට බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කිරිමට නියමිතව ඇත.