bellanvila-bicycle-thief

බෙල්ලන්විල ඇවිදින මංතීරුවට පැමිණිනෙන දරුවන් කුලී පදනමට ලබා ගන්නා බයිසිකල් පැහැරගන්නා කල්ලියක් මෑතක සිට එහි සැරිසරන ලබන බව බයිසිකල් කුලී පදනමට ලබාදන කඩහිමියෝ පවසති. මේ ආකාරයට පසුගිය දිනක දරුවන් පිරිසක් කුලී පදනම මත තම වෙළදසැලින් අලුත්ම ජපන් වර්ගයේ රුපියල් ලක්ෂ එකහමාරකට වැඩි වටිනා බයිසිකල් දෙකක් ලබාගෙන විනෝද වෙමින් සිටියදී දරුවන්ට අතරමගදී පහරදී බයිසිකල් දෙකම පැහැරගෙන විහාර මාවත දෙසින් පලායාම නිසා තමන්ට විශාල පාඩුවක් විදීමටද සිදුවී ඇතැයිකඩ හිමියෙක් පැවසීය.



 දිනෙන් දින වැඩිවන මෙවැනි සොරකම් නිසා දෙමාපියන් තම දරුවන්ට විනෝදයට බයිසිකල් ලබාදීමට මැලිවන බැවින් තම කඩවල ආදායම් පවා අඩු වී යන බවද ඔවුහු පවසා සිටියහ. උද්ගතව ඇති තත්වය පිලිබදව අවධානය යොමු කර මෙම මංතීරුවට විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙළක් යෙදීමට ක්‍රියාකරන්නැයි දෙමාපියන් සහ කඩහිමියෝ වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිති.