
ලබන අගොස්තු මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
මෙයට හේතුවී ඇත්තේ ලංකාවේ මේ දිනවල පවතින ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයයි.
මෙම තත්ව යටතේ තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්විය හැකිද යන්න කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සියලු පහසුකම් සැපයීම සම්බන්ධ ගැටලු පවතින බව දන්වා තිබූ අතර බ්‍රහස්පතින්දා පැවති සාකච්ඡාවකින් පසු එම තරගාවලිය ශ්‍රී ලංකාවේ වෙනුවට ඩුබායිහි පැවැත්වීමට තීරණයවී ඇත.
ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි ඒ පිළිබඳ තහවුරු කර අගෝස්තු 27-සැප් 11 කාලයේ ඩුබායිහිදී තරගය සදහා සූදානම් වන්නැයි දන්වා ඇත.
රට තුළ පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය නොතිබුනේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙය පැවැත්වීම මගින් විශාල ඩොලර් ආදායමක් ඉපැයීමට හැකියාව තිබුණි.
සත්කාරකත්වය වෙනුවෙන් පිරිනමන මුදල් මෙන්ම තරග විකාශකයින් මගින් ලබාදෙන මුදල්ද මෙම විශාල ආදායමට අයත්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval