
පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලය අසල ඇතිවූ නොසන්සුන්තාවයේදී එහි රාජකාරී කළ බ්‍රිගේඩියර් අනිල් සෝමවීරගේ වැඩ තහනම් කර ඇතැයි පළවන වාර්තා අසත්‍ය බව යුද හමුදාව පවසයි.
අදාළ නිලධාරියා වෙනත් රාජකාරී කටයුත්තක් සඳහා යුද හමුදා මූලස්ථානය වෙත අනියුක්ත කර තිබෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණි අරගලකරුවන් සහ බ්‍රිගේඩියර් අනිල් සෝමවීර අතර සංවාදයක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය යේ සැරි සැරූ අතර එහිදී අරගලකරුවන්ට වෙඩි නොතබන බවට ඔහු ප්‍රකාශ කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval