water-cut-nugegoda-kotte

අද(25) රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 8.00 දක්වා පැය 10 ක් ඇතුල්කෝට්ටේ ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.





ඒ අනුව ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන , මිරිහාන, මාදිවෙල , තලපත්පිටිය, උඩහමුල්ල, ඇඹුල්දෙණිය, නුගේගොඩ, පාගොඩ සිට විජේරාම හන්දියේ හයිලෙවල් මාර්ගයේ හතේ කණුව සහ ඊට සම්බන්ධ අතුරු මාර්ගවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

නුගේගොඩ හන්දියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාල පාර සහ ඊට සම්බන්ධ අතුරු මාර්ගවලට ද අද(25) රාත්‍රී 10.00 සිට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සදහන් කළේ ය.

අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක්, ඊට හේතු වී තිබේ.