uk-vehicle-custom-nabbed

අමතර කොටස් ලෙස රේගුවට සඳහන් කරමින් මෙරටට එවා තිබූ රුපියල් කෝටි 15 කට වඩා වටිනා යුරෝපීය රටවල නිෂ්පාදනය කරන ලද සුඛෝපභෝගී මෝටර් රථ පහක් සහිත බහලුම් දෙකක් ඔරුගොඩවත්තේ ගබඩාවක තිබි ඊයේ රේගු භාරයට ගෙන තිබේ.



එක්සත් රාජධානියේ සිට මෙම අඩි 40 බහාලුම් දෙක නැව්ගත කර තිබූ බව පැවසේ.
 මර්සිඩීස් බෙන්ස් මේබැක් (Mercedes Benz Maybach) මෝටර් රථයක්, අවුඩි ඒ වන් (Audi A1) මෝටර් රථයක්, බී.එම්,ඩබ්ලිව්. (BMW 520) මෝටර් රථ 02ක් සහ ෆියට් (Fiat) මෝටර් රථයක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.


බෙන්ස්, අවුඩි සහ ෆියට් වාහන තුන යටියන්තොට ප්‍රදේශයේ පුද්ගලයෙකු නමට එවා තිබුණි.
අනෙක් බී.එම්.ඩබ්ලිව්. වාහන දෙක සඳහා අයිතිකරුවෙකු ඉදිරිපත් වී නැත.

එක්සත් රාජධානියේ සිට වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන් වූ සුඛෝපභෝගී මෝටර් රථ 05 පිළිබඳ ශ්‍රී ලංකා රේගුව වැඩිදුර පරික්ෂණ පවත්වන බවද රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය සඳහන් කරයි.