
මුලතිව්හි ඉන්ධන පිරවුම් හලක් අසල ඇතිවූ ගැටුමකින් යුද හමුදා සාමාජිකයන් තිදෙනකු හා සිවිල් වැසියන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
සිවිල් වැසියන් යුද හමුදාව දෙසට බෝතල් වලින් දමා ගසා ඇති බවත්, ඒ අවස්ථාවේ යුද හමුදාව පිරිස විසුරුවා හැරීමට අහසට වෙඩි තබා ඇති බවත් පොලිසිය පවසයි.
සිද්ධිය ඇසින් දුටුවෙක් ජංගම දුරකතනයකින් කළ රූ ගත කිරීමකට අනුව මුලතිවු දිස්ත්‍රික්කයේ විසුවමඩු ප්‍රදේශයේ තෙල් පිරවුම්හලක ඇතිවූ නොසන්සුන්තාවක් මැඩලීම සඳහා රජයේ හමුදා සෙබළු ගල් ප්‍රහාර එල්ල කරමින් මුගුරු අතැතිව ඔබ මොබ දිවයනු දැකගත හැකි අතර පසුබිමේ වෙඩි හඬවල්ද ඇසේ.
JDS විසින් නිකුත්කළ ට්විටර් පණිවිඩය හා වීඩියෝව මෙසේය.
සිද්ධිය ඇසින් දුටුවෙක් ජංගම දුරකතනයකින් කළ රූ ගත කිරීමකට අනුව මුලතිවු දිස්ත්‍රික්කයේ විසුවමඩු ප්‍රදේශයේ තෙල් පිරවුම්හලක ඇතිවූ නොසන්සුන්තාවක් මැඩලීම සඳහා රජයේ හමුදා සෙබළු ගල් ප්‍රහාර එල්ල කරමින් මුගුරු අතැතිව ඔබ මොබ දිවයනු දැකගත හැකි අතර පසුබිමේ වෙඩි හඬවල්ද ඇසේ. pic.twitter.com/z5s46Mr187
— JDS (@JDSLanka) June 18, 2022
Comments
Post a Comment
Your comment will be visible after approval