
සංචාරක ඕස්ට්‍රෙලියාව සමග ශ්‍රී ලංකාව සහභාගිවූ තුන්වන එක්දින තරගය අද ආර්ප්‍රේමදාස පිටියේ පැවති අතර ඉන් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.
මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රෙලියානු පිල ලකුණු 291 ක් කඩුළු 6 කට ලබාගන්නා ලද අතර හෙඩ් (70) ෆින්ච් (62) වැඩිම ලකුනු ලාභීන් විය.පන්දු යැවීමේදී වැන්ඩසේ කඩුළු 3 ක් ලබා දස්කම් දැක්වීය.
ශ්‍රී ලංකා පිල මෙම ඉලක්කය පසු කළේ 49 වන පන්දු ඕවරයේදීය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් 137 ක් ලබාගත් පැතුම් නිශ්ශංක ජයග්‍රහණයේ නියමුවා විය.කුසල් මෙන්ඩිස් ලකුණු 87 ක් ලබාගැනීමද ජයග්‍රහණය කරා ගමන් කිරීමට උදව් විය.
තරග 5 කින් යුත් තරගාවලියේ තරග දෙකක් ශ්‍රී ලංකාව මේ අනුව ජයගෙන තිබේ.
තරගයේ වීරයා පැතුම් නිශ්ශංක විය.

Comments
Post a Comment
Your comment will be visible after approval