
ඉකුත් මාර්තු මස 31 වැනිදා සිට මැයි මස 15 වැනිදා දක්වා අතර කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකරන ලද ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ දේපළ හානි හා ජීවිත හානි පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂන් සභාවක් ඊයේ (01දා) පත් කරනු ලැබීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ බී. පී. අලුවිහාරේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික්‍රමසිංහ සහ අතිරේක ප්‍රධාන තක්සේරුකරු එන්. ඒ. එස්. වසන්ත කුමාර යන මහත්වරුන් පත්කර තිබේ.
ජනාධිපති අතිරේක ලේකම් බුවනෙක හේරත් මහතා එහි ලේකම් ලෙස කටයුතු කරයි.
-down.jpeg)
Comments
Post a Comment
Your comment will be visible after approval