
පෙට්‍රල් ලබාගැනීම සඳහා පානදුර වෑකඩ ඉන්ධන පිරවුම් හල් පෝලිමේ රැඳී සිටි ත්‍රිරෝද රථ රියදුරකු අද (16) අලුයම හදිසියේ මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ පානදුර , හිරණ, විසල් උයන ප්‍රදේශයේ පදිංචිව සිටී මුතු තන්ත්‍රිගේ සුගත් ප්‍රනාන්දු නමැති 53 හැවිරිදි තිදරු පියකු බව පැවසේ.ඔහුගේ පුත්‍රයකු ද සිය යතුරු පැදියට ඉන්ධන ලබාගැනීම සදහා එම ඉන්ධනහලේම යතුරුපැදි පෝලිමේ සිටි බව වාර්තා විය. දින දෙක තුනක සිටම මෙම ත්‍රීරෝද රථ රියදුරා පෝලිමේ රැදී සිටි ඇත.
පෝලිමේ සිටියදී අධික තෙහෙට්ටුව හා සිරුරම රිදෙන බව දක්වමින් දැඩි ලෙස රෝගාතුර වූ ඔහු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මිය ගොස් තිබෙයි.
මිය ගිය අයගේ දේහය පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පානදුර දකුන පොලීසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval