
කොළඹ ගාලු මුවදොර සාමකාමී විරෝධතාවයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ කැදවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන කියා සිටියේ මෙම නඩුවේ සැකකරුවන් ලෙස මහින්ද කහඳගම සහ
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සිව් දෙනෙකු නම් කර ඇති බවයි.
ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව දන්වා තිබුණි.
අද දහවල් කොළඹ නගර සභා මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක ඇතුළු 13 දෙනෙකු ලබන ජුනි 8 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතවී සිටින අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු තවම භාරවූයේ හෝ අත්අඩංගුවට ගෙන නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval