
අද (ජූනි 7) දිනයේ සිට විදුලි කප්පාදුව පැය 2යි විනාඩි 15ක් දක්වා අඩු කර පවත්වා ගෙන යාම සඳහා බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (ජූනි 7) පාර්ලිමේන්තුවේදී ය.
ඒ සඳහා නව ක්‍රමවේදයක් යෝජනා කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව, දින තුනෙන් තුනට දහවල් කාලයේදී ත් රාත්‍රී කාලයේදී ත් මාරුවෙන් මාරුවට විදුලිය කප්පාදු කිරීමට යෝජනා කර ඇති බව ඔහු සඳහන් කළේ ය.
යම් ප්‍රදේශයකට දින තුනක් දහවල් කාලයේදී පැය 2යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කරන්නේ නම්, එම ප්‍රදේශයට ම ඊළඟ දින තුනේදී
විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ රාත්‍රී කාලයේදී ය.
අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ යෝජනාව සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගත යුතු බව ය.
කෙසේ වෙතත් මේ දක්වා (පස්වරු 3) කොමිෂන් සභාව දර්ශනය කරමින් පවතිනුයේ පෙර නිකුත් කළ කාලසටහනය.
Comments
Post a Comment
Your comment will be visible after approval