
සිය පෙම්වතියගේ පියාගේ අමානුෂික පහරදීමකට ලක්වූ 18 හැවිරිදි තරුණයකු කළු ගගට පැන දියේගිලී අතුරුදහන්ව ඇති බවට ලද තොරතුරක් මත කළුතර පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිලධාරීන් අද (08) පස්වරුව වනවිටත් පැය 20 ක් පමණ අඛණ්ඩව මෙහෙයුම් සිදුකරමින් සිටී.
කළුතර , කලමුල්ල, 3 වන පටුමගේ පදිංචි සිටී මහිම කෞෂික නමැති 18 හැවිරිදි තරුණයකු ඊයේ (07) රාත්‍රි කළුතර පාලමෙන් ගගට පැන දියේ ගිලී අතුරුදහන්ව ඇති අතර , ඒ සම්බන්ධයෙන් ඔහුගේ මව කරන ලද පැමිණිල්ලක් අනුව කළුතර දකුණ පොලීසියද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය සදහන් කරයි.
අතුරුදහන්ව ඇති තරුණයා මිතුරකුට දුරකථන ඇමතුමක් ලබාදී, සිය පෙම්වතියගේ පියා ඇයගේ දුරකථනයෙන් කෙටි පණිවිඩ එවා නාගොඩ ප්‍රදේශයට ගෙන්වාගෙන අමානුෂික අන්දමින් පහරදුන් බවට තොරතුරු ලැබී ඇතැයිද පැවසේ.

Comments
Post a Comment
Your comment will be visible after approval