
ඉන්දීය සුපිරි නළු ඩීනෝ මොරීයා සහ සුපිරි නිළි චිත්‍රාංගාද සිංග් මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටියි.
සංචාරය අතරතුරදී ඔවුන් ඊයේ (05) දින අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමු වී ඇත්තේ මෙරට සංචාරක කර්මාන්තය පිළිබඳව හා රංගන ශිල්පීන් ලෙස මේ මොහොතේ ඔවුන්ට ලබාදිය හැකි සහයෝගය පිළිබඳව සාකච්ඡා කරන්නටය.
මෙහිදී විදේශිකයින්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස විවෘත ආරාධනාවක්ද සිදුකර ඇතැයි වාර්තා විය.



Comments
Post a Comment
Your comment will be visible after approval