
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයට සහ තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට ලේකම්වරුන් දෙදෙනෙකු පත් කරනු ලැබ තිබේ. මෙම අමාත්‍යංශ වලට අදාළ විෂය පථ ගැසට් කර ඇති නමුත් තවම ඇමතිවරුන් පත්කර නැත.
එක් අමාත්‍යංශයක් ධම්මික පෙරේරාට හා අනෙක් අමාත්‍යංශය පවිත්‍රා වන්නිආරච්චි හෝ ඩයනා ගමගේට ලැබෙන බවට ආරංචි පැවතිණි.
ඊයේ (17) ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර ඇති නව පත්වීම් මෙසේය.
• H. K. W. M. N. B. හපුහින්න – ලේකම් කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය
• ජයන්ත ද සිල්වා - ලේකම් තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය
Comments
Post a Comment
Your comment will be visible after approval