
එසේම මතුවට මෙවැනි අවස්ථා ඇති නොවීමට.සුදුසු පියවර ගැනීම සඳහාද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග කොමසාරිස්වරයා වෙත දන්වා ඇත. විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වාර්තා අනුව මෙම ශාලාව, විභාග ශාලාවක් ලෙස තෝරාගැනීමත්,. වැසි සහිත අවස්ථාවක ක්‍ෂණික පියවර ගෙන ශාලාව වෙනස් නොකිරීමත්, විභාග දෙපාර්තමේන්තුවට මේ තත්ත්වය වාර්තා කර උපදෙස් නොගැනීමත් යන කරුණු සම්බන්ධයෙන් මෙම පක්‍ෂණය සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
වර්ෂාව හේතුවෙන් ඇති වූ දුෂ්කරතා මැද අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින සිසුන් පිළිබඳ සමාජ මාධ්‍ය මගින් හා දිනපතා පුවත්පතක පළ වූ ඡායාරූපය අනුව මෙම කරුණු පැහැදිලි කිරීමට පියවර ගත් බවද එම අමාත්‍යාංශය පවසයි. තවද විභාග දෙපාර්තමේන්තුව මේ සම්බන්ධ වාර්තාවට අනුව දුෂ්කරතාවට පත් වූ විභාග අපේක්‍ෂකයන්ට එම අවස්ථාවේදීම සහනයක් ලබාදී ඇති බව වාර්තා කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval