
ගල්පාත කක්කඩුව ඇළේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනකු ඊයේ (02) පස්වරුවේ දියේ ගිලී මියගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ, ගල්පාත ජය මාවතේ පදිංචිව සිටි රණවක
ආරච්චිලාගේ රවීන්ද්‍ර යසස් (21) සහ රණවක ආරච්චිගේ චමිල් විශ්මිත (14) නමැති දෙදෙනකු බව පොලිසිය පවසයි. මියගොස් ඇති දෙදෙනා තවත් තරුණයන් දෙදෙනකු සමග දියනෑමට ගොස් සිටියදී 14 හැවිරිදි වෙනත් පාසල් සිසුවකු ජලපහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර,ඔහු බේරා ගැනීමට මියගොස් ඇති දෙදෙනා උත්සාහ දැරීමේදී ජලපහරට හසුවී වී දියේ ගිලී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. රවීන්ද්‍ර යසස් සිසුවා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටි බවද පොලිසිය කීය. මෘත දේහ ගල්පාත ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval