
එප්පාවල ඇදගල ප‍්‍රදේශයේදී පෙරේදා (6) මධ්‍යම රාත්‍රී ව්‍යාපාරිකයකු හා ත්‍රීරෝද රථ රියදුරකු වෙඩි තබා හා කපා කොටා ඝාතනය කර ඇතැයි එප්පාවල පොලිසිය කියයි. මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ එප්පාවල ඇදගල ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ වී මෝල් හිමියෙක් වන අතර ඔහු සමඟ සිටි ත්‍රිරෝද රථ රියැදුරෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙම සිද්ධියෙන් මියගියේ “නදීකා හාල් මෝල, ඇදගල, එප්පාවල ලිපිනයේ පදිංචි කාවින්ද ප්‍රසාද් වීරකෝන් 31 හැවිරිදි නමැත්තෙක් හා ත්‍රිරෝද රථ රියැදුරකු වන ඇදගල, එප්පාවල ලිපිනයේ පදිංචි 47 හැවිරිදි ඉබ්‍රාහිම් මොහොමඩ් මුබාරක් දෙදෙනාය. මෙම සිද්ධිය පෙරේදා මධ්‍යම රාත්‍රී ඔහුගේ නිවසේ සිදුව ඇති අතර, ත්‍රීවීල් රථයටද අලාභ හානි සිදුව ඇතැයි පොලිසිය කියයි. මෙම ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව එප්පාවල පොලිසිය කියයි.
මෙම ව්‍යාපාරිකයා හා ත්‍රිරෝද රථ රියදුරු මත්ද්‍රව්‍යවලට ඇබ්බහි වූවන් දැයි සොයා පරික්‍ෂණ පවත්වන බව පොලිසිය කියයි. අපරාධ සිදු වූ ස්ථානය ඉදිරිපිට පදිංචි අයකු ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය භාරයට ගෙන ඇතැයිද සඳහන් වේ ත්‍රිරෝද රථ රියැදුරුගේ සිරුරේ බරපතළ කැපුම් තුවාල තිබෙන බව පොලිසිය පවසයි. මෙම සිද්ධිය පිළිබඳව එප්පාවල පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක කෝදාගොඩ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් පරික්ෂණ පවත්වති.
උපුල් හේරත්
Comments
Post a Comment
Your comment will be visible after approval