
සංස්ථාව සතුව ඊයේ (13දා) වන විට ඩීසල් මෙටි්‍රක් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 10,000ක් පමණ පවතින බවට වාර්තා වේ.
සපුගස්කන්ද පිරිපහදුව මගින් පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 350ක් සහ ඩීසල් මෙටි්‍රක් ටොන් 800ක් පමණ නිපදවන නමුත් එම ප්‍රමාණයන් දෛනික අවශ්‍යතාවට කොහෙත්ම ප්‍රමාණවත් නැතැයි ද එම ආරංචිමාර්ග පවසයි.
ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000ක් රැගත් නැවක් හෙට (15දා) පැමිණීමෙන් පසු එකදු ඩීසල් හෝ පෙට්‍රල් නැවක් යළි මෙරටට පැමිණෙන බවට වාර්තා වී නැත.
ලිට්‍රෝ ගෑස් සමාගම මෙරටට ගෙන්වා ඇති ගෑස් නැවට ඇමරිකන් ඩොලර් මිලියන 2.5ක් ගෙවා ගැනීමට නොහැකිවීම නිසාද එම නැවේ ගෑස් ගොඩබෑම හයවැනි දිනටත් ඊයේ ද සිදු කෙරුණේ නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval