
ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ කොළඹ 07 කෞතුකාගාරය ඉදිරිපිට පිහිටි නිවස අසළට පිරිසක් අද දහවල් පැමිණ විරෝධතාවයක නිරත වී ඇත.
ධම්මික පෙරේරා මහතා පැහැර හැර ඇතැයි පැවසෙන බදු මුදල් ගෙවන ලෙසත් ඇතැම් සටන් පාඨ වල දැක්වූ අතර ඇතැම් සටන් පාඨවල එංගලන්තයේ සිට කුණු කන්ටේනරයක් ලංකාවට ගෙන්වූ ඔහුගේ අතීත ක්‍රියා සිහිපත් කර විරෝධය දක්වා තිබේ.
ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කර ගැසට් කර තිබුණත් තවම වැඩ අරඹා නැති අතර විරෝධය සිදු කරන්නේ කවුරුන්ද යන්න පැහැදිලි නැත.
සනත් ජයසූරිය හා සම්බන්ධ සංසිද්ධියේදී ද ඔහු මතුකර මෘදු විරෝධයක් මාධ්‍ය ඔස්සේ මතු කළ අතර ධම්මික විසින්ම සැලසුම් කළ 'නෙගටිව් මාර්කටිං' ව්‍යාපෘතියක් ලෙස ඇතැම් අය ඒ ගැන සැක කර තිබුණි.

Comments
Post a Comment
Your comment will be visible after approval