
පවතින ඉන්ධන අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු ලබාදීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් රාජ්‍ය සේවකයින්ට කාර්යාලයට පැමිණීම සහ ආපසු යාමේදී අතිරේක වියදමක් දැරීමට සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව කොවිඩ් කාලයේදී නිවසේ සිට වැඩ කිරිමේ පුහුණුවක් ලැබූ අතර එය අනුගමය කරමින් සිකුරාදා දිනයේ නිවාඩු ලබාදීමට කටයුතු කරන බවත් එහිදී කෘෂිකර්මික කටයුතුවල නිරතවීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval