
උතුරු කොරියාව බොහෝ විට පවත්වා යන්නේ ලෝකයෙන් හුදෙකලාවූ රාජ්‍යයක් හැටියටය. ඔවුන් කොරෝනා රෝගය පැතිරගියේ නැති රටක් ලෙස නම් කළද මීට මාස කිහිපයකට පෙර ඔමික්‍රොන් ශීඝ්‍ර පැතිරීම හමුවේ කොරෝනා වසංගතය පැමිණි බව පිළිගත්තේය.
නමුත් එන්නත් අවශ්‍ය නැති බව කී උතුරු කොරියානු නායකයා එරට ගොඩ වෙදකම් සම්බන්දයෙන් විශ්වාසය තබන්නැයි රටවැසියන්ට දන්වා සිටියේය.
මේ අතර කිම් ජොන් උන් නැවත එරට පැතිරෙන රෝගයක් ගැන කලබලයට පත්ව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.දකුණු Hwanghae පළාතේ "හඳුනා නොගත් ආමාශ ආන්ත්‍රික රෝගයක්" දරුණු පැතිරයාමට පටන්ගෙන ඇතැයි එරට රාජ්‍ය නාලිකාව වන කේසීඑන්ඒ වාර්තා කර තිබේ.
කිම් ජොන් උන්ගේ පවුලේ අය ඊට මැදිහත්ව ප්‍රතිකාර සකසා ඇති බවත් ඔවුන් විසින් සකස් කරන ලද ඖෂධ රටේ නිරිත දෙසට යවා ඇති බවත් රාජා්‍ය මාධ්‍ය ප්‍රකාශ කර ඇත.
අවම වශයෙන් පවුල් 800ක් මෙම රෝගය නිසා පීඩා විඳිති.පානීය හා ගෘහස්ථ ජලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අපද්‍රව්‍ය සහ අනෙකුත් අපද්‍රව්‍ය ඇතුළුව විෂබීජ නාශක කටයුතු ද සිදු කරන බව වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් එරට ඇතිවන රෝග තත්ව ඔවුන්ම විසඳාගන්නට උත්සාහ කරන අතර එය සොයා බලන්නට ලෝක සෞඛ්‍ය සංවිධානයට හෝ අවස්ථාවක් ලබාදී නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval