
රැය පහන් වනතුරු ගෑස් පෝලිමේ සිටි සිවුදරු පියකු මුහුණ සෝදා ගැනීම සඳහා පානදුර ගඟට බැස සිටියදී දියේ ගිලී අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලක් මත පානදුර පොලිස් සහ නාවික ජීවිතාරක්ෂක නිලධාරීන් මෙහෙයුම් ආරම්භ කර ඇත. ඇල්පිටිය, දම්මනවත්ත හා තුන්දුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සමන්ත පුෂ්පකුමාර නමැති සිවුදරු පියකු මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත.
දියේ ගිලී අතුරුදන්ව ඇති පුද්ගලයා පානදුර ප්‍රදේශයේ නැවතී සිට මේසන් වැඩවල නිරත වන අතර මේ දිනවල පවතින සිමෙන්ති හිඟය නිසා මුදල් අයකිරීම් මත ගෑස් පෝලිමේ රැඳී සිට ඇත. ඉකුත් 3දා රෑ තිස්සේ ගෑස් පෝලිමේ සිට මුහුණ සේදීම සඳහා පෙරේදා (04දා) පානදුර ගඟට බැස ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය ඇසින් දුටු පානදුර එළුවිල ප්‍රදේශයේ පදිංචි වසන්ත
පුෂ්පකුමාර මහතා මෙසේ කීය. “සමන්ත මා එක්ක මේසන් වැඩවල යෙදෙනවා. මේ දවස්වල සිමෙන්ති නැති නිසා අපි කුලියට ගෑස් පෝලිමේ ඉන්නවා. ඊයේ රෑ එළිවනතුරු පෝලිමේ ඉඳලා මුහුණ සෝදගෙන එන්න ගඟට ගියා. සමන්ත ගඟට බැස්සා එයා දෙවරක් ගඟේ ගිලී නොපෙනී ගියා” පානදුර පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිලධාරීන් මෙහෙයුම් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval