
මේ දිනවල පවතින අධික ඩීසල් හිඟය හේතුවෙන් ඉදිරි සතියේ පොදු මගී ප්‍රවාහන සේවාවන් අවම වීමේ අවදානමක් මතුව තිබේ.පුද්ගලික බස් හිමියන් දන්වා තිබුනේ අවශ්‍ය ඩීසල් නොලැබුනොත් ලබන සතියේ 6 වනදා සිට සේවාවන් නතර කරන්නට සිදුවන බවයි.
මේ අතර රජය මගින් තත්වය සමනය කරවීම සදහා ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබා දීමට තීරණය කර තිබෙයි.
එම ලබාදීම සීමාවන්ට යටත්ව සිදුකරන බැවින් වෙනදා තරම් බස් මහාමාර්ග වෙත යෙදවීමට හැකියාවක් නැති වනු ඇතැයි පැවසේ.
ඒ් අනුව ලබන සතියේ පෞද්ගලික බස් රථ ධාවනය තුනෙන් එකක් දක්වා අඩුවනු ඇති බව පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
ඩීසල් නෞකාවක් ලබන 15වන දා ලංකාවට පැමිණෙනු ඇති බව රජය දන්වා තිබෙන අතර ඒය පැමිනෙනතුරු සතියක පමණ කාලයක් බස් රථ දාවනය අවමවනු ඇති බව වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval