
ඉන්ධන ලබා ගැනීම සඳහා අතුරුගිරියේ ඉන්ධන පිරවුම්හලකට පැමිණි ජනතාව හා පොලීසිය අතර ඊයේ රාත්‍රී කළහකාරී තත්ත්වයක් හටගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පිරවුම්හලේ ඉන්ධන තොග අවසන් බව පැවසීමත් සමග ජනතාව අතර සිටි පිරිසක් පිරවුම්හලේ ආරක්ෂිත වැට කඩා ඇතුළු වී එහි සිටි පොලිස් නිලධාරීන්ට පහර දී ඇති බවයි.
ඉන් පසු පිරිස පාලනය සඳහා පොලිසිය ක්‍රියා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
එහිදී සිදු කළ පහරදීම්වලින් පොලිස් නිලධාරීන් 6 දෙනකු තුවල ලබා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සිද්ධියට සම්බන්ධ 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval