araliya-sahal-new-rathna-sahal

සහල් මිලේ ප්‍රශ්නයක් උඩ මෝල් හිමියන්ගේ මාධ්‍ය සාකච්ඡාව අද ගැටුම්කාරී තත්ත්වයකට පත් විය. කොළඹ ජයික් හිල්ටන් හෝලයේ පැවති මාධ්‍ය හමුවේදී  වී මෝල් හිමි නිව් රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේෂ්වර මහතා  හා අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා අතර උණුසුම් තත්ත්වයක් හට ගැනිණි.





සහල් ඉදිරි මාස තුනක කාලයක් දක්වා රජයේ පාලන මිලට අලෙවිකරන බවත් පාලන මිලට සහල් අලෙවි නොකරන වීමෝල් රජයට පවරාගත යුතු බවත්  ඩඩ්ලි සිරිසේන කියා සිටි අතර පාලන මිලට සහල් අලෙවි නොකරන මෝල් වටලා වී තොග රජය භාරයට ගතයුතු යැයි ඔහු කීය.
මාධ්‍ය හමුවට පැමිණි නිව් රත්න සහල් අධිපති මිත්‍රපාල ලන්කේෂ්වර මහතා සහල් පාලන මිලට ලබාදිය නොහැකි යැයි පවසද්දී ‘ඔයා නැගිටින්න අපි ජනතාවට අඩු මිලට දෙන්න ඕනෑ‘ කියමින් ඩඩ්ලි සිරිසේන රැස්වීම කඩාකප්පල් කරේ සියලු මාධ්‍ය කැමරා ඉදිරියේය.
ඇතැමුන් කියා සිටියේ මේ වනවිට සහල් මාෆියාවක් සම්බන්ධ චෝදනා ලැබ සිටින සිරිසේන ඇතුළු කණ්ඩායම චෝදනා වලින් මිදීමට අද දින ගැටුම සැලසුම්සහගතව කරන ලද රංගනයක් බවයි.
video පහතින්