
ගාලු මුවදොර අරගල භූමියේ සිට සජීවී නාලිකාවක් අරගලය FM නමින් අරඹා තිබේ. ගෝඨාගෝගම පරිශ්‍රයේ පැවති කෙටි උත්සවයකින් අනතුරුව මෙය ආරම්භ කළ අතර දවස පුරා සිය විරෝධතාවයන් ගැන මතවාද සාකච්ඡා එහිදී ප්‍රචාරය කෙරේ.
FM නාලිකාවක් ලෙස නම් තබා තිබුණද එය ගුවන්විදුලි විකාශයක් ලෙස සවන් දීමට හැකියාවක් නැති අතර එහි වැඩසටහන් සජීවී පටිගත කිරීම් ලෙස ‘අරගලය FM ‘ නමින් නම් කොට තිබෙන ෆේස් බුක් පිටුවකට උඩුගත කරනු ලබයි.එම පිටුවට සම්බන්ධවී අවශ්‍ය අයට වැඩසටහන් ශ්‍රවණය කළ හැකිය.





Comments
Post a Comment
Your comment will be visible after approval