wimal-dayasiri-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී සියඹලාපිටිය නියෝජ්‍ය කතානායක බවට පත්කිරීමේ සැලසුම පොහොට්ටුව සමග එක්ව ස්වාධීන කන්ඩායම සිදු කළ මගඩි ගනුදෙනුවක් බවට දවස තිස්සේ චෝදනා පැතිරයමින් තිබියදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් සවස පැවැත්වූ විමල් ගම්මංපිල හා දයාසිරි යන මන්ත්‍රවරුන් දැන් වෙනස් කතාවක් කියා සිටී.




ඔවුන් පවසන්නේ සියඹලාපිටිය මෙම තනතුරට පත්කිරීමට සජබය මුලින් එකගවූ බවයි. යෝජනාව නිමල් සිරිපාලද ස්ථිරත්වය රාජිතද කරන්නට සිටි බවයි. නමුත් සජබ රැස්වීමකින් පසුව මෙම තීරණය වෙනස් කර ඔවුනගේ අපේක්ෂකයෙකුද ඉදිරිපත් කරන්නට යන බව දැනගත්තේ 11 ට ඡන්ද විමසීම කරන්නට පෙර 10 ට පමණ යයිද ඒ වනවිට තීරණ වෙනසක් ගැන සාකච්ඡා කරන්නට වෙලාව නැතිවූ බවද කියා සිටී.
ආණ්ඩුව සියඹලාපිටියට සහය දෙන්නට සිටි බව දැනසිටියේ නැතැයිද මෙම විපක්ෂයේ බෙදීම දැක ආණ්ඩුව වාසිගෙන ඇතැයිද කීය.


මෙහිදී විමල් වීරවංශ සජිත් ප්‍රේමදාසට දිගටම බැණවැදුණ අතර ජවිපෙ ඡන්ද තුනවත් ලබාගන්නට බැරිව ඔවුන් කටුගාන තුරු බලා සිටි බවත් ආණ්ඩු විරෝධය  වෙනුවට ඔහුට ඇත්තේ ඩීල් එකක් බවත් තිරු නඩේෂන් රහසේ හමුවී බැසිල්ගේ උවමනාවකට මෙය අවුල් කරේ සජිත් බවත් කියා සිටියේය.

කෙසේ වෙතත් අද දින ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ සජබ මන්ත්‍රී රංජිත් මද්දුමබන්ඩාර පැවසුයේ සියඹලාපිටිය මේ සදහා යොදන්නට තීරණය කර සිටි බවක් ඔවුන් දැන සිටියේ නැති බවයි. එසේම ස්වාධීන කන්ඩායම ජනපති තබාගන්නට හැමිවිටම කතාකර ඇති ඔහු හා සම්බන්ධ අය බැවින් ජනපතිගේ උපදෙසක් මත අස්වූ කෙනාම නැවත පත්කරන්නට තීන්දු කර ඇති බවත් ආණ්ඩුව එම තැනැත්තාට සහය දෙන බව ජීඑල් පීරිස් මන්ත්‍රීවරයා කියා සිටි නිසා ඉමිටියාස් නම් කළ බවයි.සජබය දැනුවත් නොකර ආණ්ඩුව සමග එක්ව එම පත්වීම සිදු කළේ පාවාදීමක් ලෙස බවයි.
අදාළ විඩියෝව පහතින්.