
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර තිබෙන අතර එහි දැක්වෙන්නේ
නව රජයක් පිහිටුවීම සඳහා තම පක්ෂය සහය ලබාදෙන බවයි. ඒඅනුව ශ්‍රිලනිපයට කැබිනට් ඇමති ධූර කිහිපයක්ද ලැබෙනු ඇති අතර නව රජයේ බහුතරය සකසා ගැනීමට රනිල්ට තිබුණ අවහිරතාවන් බොහෝ දුරට ඉවත්ව යයි.
ශ්‍රීලනිප මින් ඉහත රනිල්ට සහය නොදෙන බවට තීරණයක් ගෙන තිබණත් අද පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී නව තීරණ වෙනස සිදු කර තිබේ. රට ගැන හිතා තීරණය වෙනස් කළැයි ඔවුන් දන්වා සිටී.
මේ වනවිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක්,
ස්වාධීන වූ පොදු ජන පෙරමුණු කණ්ඩායමේ කොටසක් හා ශ්‍රීලනිප 14 දෙනා රනිල්ට සහය ලබාදීමට කැමැත්ත පළ කර ඇත.
මෙම කොටස් මින් පෙර අගමැති මහින්ද රාජපක්ෂ යටතේද රජයේ කොටස් කරුවන් වී සිටි නිසා නව ආණ්ඩු පක්ෂයේ රනිල්ගේ පුටුව මාරුවීම මිස විශාල වෙනසක් පෙන්නුම් නොකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval