sjb-prime-minister-debate-sajith
8.35pm
දේශපාලන අර්බුදය හමුවේ ජනපති ඇතිව ආණ්ඩුව ගත යුතුය හා ජනපති නැතිව ආණ්ඩුව ගත යුතුය යන මත දෙකක් මත අග්‍රාමාත්‍ය ධූරය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සෘජු තීරණයක් නොගැනීමේ තත්ත්වය හේතුවෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් මේ වන විට දැඩි කණස්සල්ලට පත්ව තිබෙන අතර ඇතුළත දෙකඩ වන ස්වරූපයක් මතුව ඇතැයි වාර්තාවේ.
තමන් සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසා තිබේ.
“මේ රටට ඉක්මනින් රජයක් අවශ්‍යයි. අපිට මේක ප්‍රමාද කරන්න බැහැ. SJB මෙය ප්‍රමාද කරන්නේ නම් මම ස්වාධීනව සිට රජයක් පිහිටුවීමේ ක්‍රියාවලියකට සහය දැක්වීමට තීරණය කළෙමි,” මන්ත්‍රීවරයා පැවසීය.



“ඔව්, මැතිවරණයක දී ජනවරමක් ඇතිව ආණ්‌ඩුව බලයට ගැනීම සුදුසු නමුත් එය ඒ සඳහා කාලය නොවේ. අපි මේක ප්‍රමාද කරන තරමට රටට විපතක් වෙනවා.” හරීන් ප්‍රනාන්දු පැවසීය.




සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධූරය ලබාගැනීමට කැමැත්තෙන් පසුවුවද බියකින්ද පසුවන බැවින් දෙපැත්තට වැනෙන සුළු භාවයක් පෙන්නුම් කරන බව ඇතැමුන්ගේ මතයයි.
අද සවස සජබ නිල නිවේදනයක් නිකුත් කරමින් ජනපති කෙටි කාලයකින් ඉවත්වන පොරොන්දුව මත ආණ්ඩු බලය සජබ ලබාගන්නට කැමති බව තවත් කොන්දේසි කිහිපයක් සහිතව ඉදිරිපත් කර ජනපතිට යොමු කර තිබූ නමුත් ජනපති ඊට යහපත් ප්‍රතිචාර දක්වා නැත.
තනතුරින් ඉවත්ව නොයන ස්ථාවරයේ ජනපති දිගටම රැදී සිටින අතර ඔහු නම්‍යශීලී වී නැත.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහය ලැබෙන්නේ නම් අග්‍රාමාත්‍ය ධූරය භාරගැනීමට සූදානම් බවත් රනිල් හා ජනපති අතර අද (11) සාකච්ඡාවක් පැවති බවත් වාර්තා විය. රනිල් බලයට ආවොත් සජබ ඉවත්වේද යන සැකය මතුවන නිසා පැරණි ආණ්ඩුවේ ඇමතිවරුන් යළි පත්වන ස්වරූපය තුළ උද්ඝෝෂණ කරුවන්ගේ වෙනසක් අපේක්සා කරන අරමුණු ඉටු නොවන නිසා ගැටලු මතුකරනු ඇත.


රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටවනු ලැබුවහොත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද නව රජයට එක්වීමට සූදානමින් සිටින බව මේ අතර වාර්තා විය.