siri-samantha-badra-umandaewa

මැල්සිරිපුර උමංදාව මහා විහාරයේ නායක ශ්‍රි සමන්තභද්‍ර හිමියන් පසුගියදා උමංදාවට හෙලිකොප්ටරයකින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ආ කතාව හා උමංදාවේ තාප්ප වටා ආරක්සිත විදුලි සැර වැටක් බැඳීම පිළිබඳව පැතිර ගිය ආරංචි ගැන පැහැදිලිකිරීමක් කර තිබේ.


තෙරුවන් සරණයි සියලු දෙනාටම! අද අපට කතා කරන්න විශේෂ කරුණු කිහිපයක් යෙදිලා තියෙනවා.. මුලින්ම මං පැහැදිලි කරන්නම් ඇයි අපි උමන්දාව හැදුවේ කියලා.. අපේ අවුරුදු දහයක් දොළහක් තිස්සේ ලංකාවෙ මිනිස්සු විශේෂයෙන් සිංහල මිනිස්සු බෞද්ධ මිනිස්සු ෂාරියා විශ්වවිද්‍යාලයට විශාල විරෝධතාවයක් ගෙනිච්චා. හැබැයි ඒ විරෝධතාවය ගෙනියපු ඔක්කොම අය ඒක විවේචනය කළා.. එක විනාශ කරන්න කටයුතු කරන්න ඕනේ කියලා කිව්වා. හැබැයි ඒකට කවුරුවත් සිංහල බෞද්ධ මනුස්සයෙක්ට බැරි වුණා ඒ වගේ සුපිරි ඊටත් වඩා නිර්මාණයක් දේශීය සම්පත් යොදාගෙන ගොඩ නගන්න. මං මේක හැමෝටම කියලා තියෙනවා. මං මෙතනට එන හැම හාමුදුරු කෙනෙක්ටම කියලා තියෙනවා. අපි විවේචනය කරනවා විතරයි අපි වැඩ කරන්නේ නැහැ. කවුරු හරි වැඩක් කරොත් අපි කරන්නේ වැඩ කරන එකාට මඩ ගහලා අපහාස කරලා දාන එක. එක අපේ ජාතියේ විදිය. එතකොට අපි කල්පනා කලා මීට අවුරුදු හය හතකට කලින් මේ ජාතියට අපට කරන්න පුළුවන් දේ මොකක්ද. පන්සලක් හදන එක ඔන කෙනෙක්ට කරන්න පුළුවන්..

ඕන තරම් පන්සල් ලංකාවෙ තියෙනවා.  අපට පන්සල් වැඩි.. අපට අවශ්‍යයි මේ ජාතිය නැගිට්ටවන්න වැඩපිළිවෙළක්. මොකද අපි ලෝකෙ පුරා ඇවිදිනවා. අපි ලෝකෙ පුරාම ඇවිදිනකොට අපිට හිතෙනවා අපේ රටෙත් මේ වගේ කරන්න බැරිද. ඒ නිසා තමයි අපි මේ උමන්දාව සංකල්පය ගෙනාවෙ. ඒකට අපි මුලදී තනියම පටන් ගත්තෙ. මම තනියම පටන් ගත්තා. පස්සේ අපි එක තනියෙන් කරගෙන යනකොට විශාල දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම පිරිසක් උදව් වුණා, එකතු වුණා. ඒකට පැවතිච්ච රාජයේ අනුග්‍රහයක් ලොකුවට ලැබුණු නැහැ නමුත් මේ රජයෙන් අනුග්‍රහය ලැබුණා. කොහොමහරි අපි මේ වැඩපිළිවෙළ ටිකෙන් ටික ඉස්සරහට ගෙනල්ලා මේක ජාතික තලයට අරගෙන ආවා. උමන්දාව ජාතික තලයේ මධ්‍යස්ථානයක්. එක සාම්ප්‍රදායික පන්සලකටම කොටු වෙලා නැහැ.



එතැනින් ඔබ්බට ගියපු විශාල වැඩපිළිවෙළක් උමන්දාව තුළින් ක්‍රියාත්මක කරන්න පසුබිම හැදුනා. එකට හැමෝම උදව් කළා. මේ පසුබිම හැදිලා මේ යන අතරේ ටිකෙන් ටික උමන්දාව ලංකාවෙම මාතෘකාවක් උනා. රජ ගෙදර ඉදලා දුගී පැල දක්වාම උමන්දාව මාතෘකාවක්. අදටත් ,හෙටටත් මම හිතන්නේ දිගටම. ඒක කරල අපිට ඕන වුනා රටේ තරුණ පිරිස ත්‍රීවිල් වලට කොටු වෙලා ඉන්න තරුණ පිරිසට, ඒ වගේම රස්සාවල් හොයාගන්න බැරුව ඉන්න මිනිස්සුන්ට වැඩපිළිවෙළක් හදන්න. ඒකට තමයි අපි උමන්දාව හැදුවේ. හැමෝම කළේ  ගමෙන් පන්සලට ගෙන්න ගත්තා. අපි පන්සලෙන් ගමට දුන්නා. මොනවද දුන්නේ ?වතුර. උමන්දාව අවට තියෙන සියලුම ගම්වල ගම්වාසීන්ට පරිභෝජනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නාවික හමුදාව එකතු කරගෙන ජල ව්‍යාපෘතියක් හදලා ජය ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය පසුබිම හැදුවා.. ඒ ප්‍රදේශයට ශක්තිමත් රෝහල් පද්ධතියක් නෑ.. රෑට බෙහෙත් ගන්න තැනක් නැහැ. මම විවිධ රටවල ඉන්න අඳුර ණයට කිව්වා අපි මෙතන රෝහලක් හදමු සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන උමන්දාව රෝහල ආණ්ඩුවට පවරලා දිවා රාත්‍රී බෙහෙත් දෙන වැඩපිළිවෙලක් දැන් උමංදාවේ ක්‍රියාත්මකයි.

සෑම වසරකටම පන්දාහකට ඇස් කණ්ණාඩි ලබා දෙනවා, සෑම වසරකම ළමයි දාහකට සපත්තුත් සෙරප්පු ඇතුළු සියලු දේවල් ලබා දෙනවා.. ඊට අමතරව හදිස්සියේ කවුරුහරි ඇවිල්ලා උදව්වක් ඉල්ලුවොත් ලබා දෙනවා. කන්න බොන්න නෑ කිව්වොත් ඒවට අවශ්‍ය පහසුකම් සපයනවා. ඒ තමයි පන්සලෙන් ගමට මේ තිබිච්ච අදහස් වෙනස් කලා. මෙහෙම අපි කරගෙන යනකොට අපේ වැඩපිළිවෙළ විශාල වශයෙන් ව්‍යාප්ත වුණා. ලෝකය මිනිස්සු මේකට අවධානය යොමු කළා. එහෙම වෙනකොට ඔන ව්‍යාපෘතියකට වෛර කරන ඉරිසියා කරන අය ඉන්නවා. මම දකින්නේ පන්සලක් හදනකොට වැඩිපුරම විරුද්ධ වෙන්නේ පල්ලියට වඩා දෙපැත්ත ළඟපාත පන්සල් වලින්. ඒක අපි අත්දැකීමෙන් අවුරුදු විස්සක් තිහක් තිස්සේ මේ මහණකම කරලා අපි එක දන්නවා. ඒවට අපි කලබල වෙන්නේ නැහැ. ඉවසීමෙන් අපි ඒවට මුහුණ දෙනවා. ඉතින් මේ විදියට මේ වැඩපිළිවෙළ ව්‍යාප්ත වුණා. විශාල සේවයක් උමන්දාවෙන් සිද්ධ වුණා..

දේශීය විදේශීය අය මෙතන ඇවිල්ලා ධර්ම අධ්‍යාපනය ලබන්න දහම ඉගෙන ගන්න සැලසුණා. ඒ වගේම අපි ඊට වඩා දෙයක් කළා. ලංකාවේ ත්‍රිවිධ හමුදාව යොදාගෙන පුහුණු වැඩසටහන් උමන්දාව ක්‍රියාත්මක කළා සෑම මසකම හැටක් පුහුණු කරනවා. සති දෙහෙක පුහුණුව ලබා දෙනවා. මොනවද උගන්වන්නේ ?උමන්දාව තමයි ලංකාවේ විශාලම කාබනික ගොවිපල, දියර පොහොර හදන හැටි ඊළඟට වගාව ගැන ,කෘෂිකර්මාන්තය ගැන මේ ඔක්කොටම වඩා මානසික මධ්‍යස්ථභාවය පවත්වගන්න , එය සති දෙකේ ව්‍යාපෘති අවසන් වුණාම සෑම කෙනෙක්ම අපට ලබාදෙන්න ඕනෙ තමුන්ගේ ව්‍යාපෘති වාර්තාවක්. දැන් අවුරුදු ගාණක් තිස්සේ මේක ක්‍රියාත්මක වෙනවා.. ඒ වගේම තවත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළා සිවිල් ආරක්ෂක බටයෝ යොදාගෙන විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත් වල යුද්ධයට මුහුණ දීලා මානසික ප්‍රශ්න තියෙන අයටත් ඒ වගේම දකුණේ අයත් ගෙනල්ලා අපේ දේවල් උගන්නන්නත් සහයෝගය ලබා ගන්නත්..

උමංදාවේ වැඩ කරන පිළිවෙළක් තියෙනවා.. ඒ තමයි දිසාපාමොක් method එක . ඒකෙ තියෙන්නෙ අපි එතැන ඉන්නවා අපිම එතැන වැඩ කරගන්නවා අපිම උයාගන්නවා,  අපිම රෙදි හෝද ගන්නවා, අපිම අතු ගානවා, අපි ඉගෙන ගන්නවා මෙන්න මේක තමයි ලෝකෙ තියෙන දියුණුම අධ්‍යාපන ක්‍රමය. ඊට අමතරව විශ්වවිද්‍යාල ව්‍යාපෘති, ඊට අමතරව අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ලංකාවේ සියලුම ජාත්‍යන්තර පාසල් වල ඉන්න ළමයි ගෙනල්ලා කුඹුරුවල බස්සවලා ඒ ළමයින්ට වගාව ගැන උගන්වලා මුළු ජාතියටම අවශ්‍ය කරන නව වැඩපිළිවෙලකට පසුබිම වේගයෙන් හැදුනා.. එතකොට ඉතින් ඕන කෙනෙක් තරහයි. මේ වැඩපිළි වර්ධනය වෙන අතරේ අපිට හැමෝම සහයෝගය දැක්වූවා. විශේෂයෙන් යුද හමුදාවෙන් ඒකට සහයෝගය දැක්වූවා. යුද හමුදාව සහයෝගය දක්වන්නේ ලංකාවේ ව්‍යාපෘති වලට දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ කාලෙ ඉඳන්.

දුටුගැමුණු රජ්ජුරුවෝ යුද්ධෙට යනකොට අතරමග නැවතිලා පන්සල් හදලා යුද්දෙට ගිය බව තමයි අපි ඉතිහාසය කියවලා තියෙන්නේ.. කටුවාපිටිය පල්ලිය හැදුවේ යුද හමුදාවෙන් ඊළඟට ලංකාවේ පහුගිය පාස්කු ප්‍රහාරය සියලුම කඩා වැටුණු දේවල් ඉදි කළේ යුද හමුදාව. ඒ වගේමයි අපේ රෝහල ව්‍යාපෘතියටත් ගුවන් හමුදාව සහ යුද හමුදාවේ සහයෝගය ලැබුණා.අනෙකුත් වැඩ වලටත් ලැබුණා. ඒක අපිට විතරක් නෙමේ. ලංකාවේ දළදා මාලිගාවේ අටමස්ථානේ ඉඳලා කැලණිය බෙල්ලන්විල දක්වාම සියලු තැන්වල සියලු කාර්යයන් ක්‍රිස්තියානි, ඉස්ලාම් ,බෞද්ධ බේදයක් නැතුව යුද හමුදාවේ සක්‍රීය ක්‍රියාකාරීත්වය ආගමික විෂයට කරනවා. ඒක අත්‍යවශ්‍යයි. මොකද ඒකෙන් හුඟක් බලාපොරොත්තු වෙන්නේ යුධ හමුදා සෙබළුන්ගේ මානසික සංහිදියාව පවත්වාගන්න. අපි ඊට වඩා දෙයක් කළා. මොකක්ද අපි කරපු දේ? අපි වැඩ ගන්නවට අමතරව අපේ එගොල්ලොන්ට ඉගැන්වූවා. එක තමයි අපේ ප්‍රධාන පරමාර්ථය. උමන්දාව යුද හමුදාවට ඉන්න අයිතියක් නැත්තං මේ අල්ලපු වැටේ තියෙන නාඋයන ආරණ්‍ය යුද හමුදාව ඉන්න තියෙන අයිතිය මොකක්ද?

දැන් ඔය උද්ඝෝෂණකරුවෝ දන්නේ නැද්ද ප්‍රශ්නේ තියෙන්නේ වෛර කරන්න ඕන උනාම හේතු ඕන තරම් තියෙනවා.. අපේ ජාතියේ විදිය තමයි වැඩියෙන්ම තමන්ගේ වැඩ කරන එකාට තමයි වෛර කරන්නේ. දැන් අපිට හැමෝම බැන්නා කියලා දොස් කිව්වා කියල බඩු කුඩු කරා කියලා අපි ඒගොල්ලො එක්ක තරහ වෙන්න යන්නේ නැහැ ,රණ්ඩු කරන්නේ යන්නේ නැහැ. එකට වෛර කරන්නේ නැහැ. මොකද අපි එකට වෛර කරන්න හිතුවොත් අපේ වැඩේ පරක්කු වෙනවා. අනික අපිට පන්සලක් හදන්න බැරි නිසා නෙමෙයි මට මේ ලෝකෙ ඕනනං පෘථිවියේ ඕනම තැනක ඉඳලා පන්සලක් හදන්න උදව් කරන්න මිනිස්සු ඉන්නවා. නමුත් අපිට අවශ්‍යයි අපේ ජාතියට සේවය කරන්න.. ඒක අපි කොහොම හරි එදා ඉඳන්ම කරනවා, හෙටත් කරනවා. ඊට අමතරව මෙහෙම යනකොට දවසක් පොලිස්පති තුමා ආවා අවුරුදු 4ක් තිස්සේ ම උමන්දාවට ප්‍රශ්නයක් තිබ්බා. ඒ ප්‍රශ්නය තමයි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය කුඩු බොන අය කසිප්පු බොන අය.

මෙහේ කැලෑ පාරවල් තියෙන්නේ දිගටම ඒවා ඕන තරම් හොයා ගන්න පුළුවන් අපි පොලිසියට දැනුම් දුන්නා.. ඊට අමතරව අපේ මෙහෙණින් වහන්සේලා ඉන්නේ කැලේ පැත්තේ කවුරුවත් නෑ ඒ පැත්තෙ කිලෝමීටර් එක හමාරක් විතර අපි ඉන්න පැත්තට එන්න ඕනේ පයින් එනවනම්. ඒගොල්ලොන්ට විවිධ කරදර කරල තිබ්බ අවස්ථා වාර්තා වුණා.. අපි ඒවා පොලිසියට පැමිණිලි දැම්ම අවුරුදු පහක් හයක් තිස්සේ. ඉතින් මං පොලිස්පතිතුමාට යෝජනා කළා මේක බලන්න කියලා. ඒ වගේම උමන්දාවට පෝය දවසට ලක්ෂකට වඩා මිනිස්සු එනවා වාහන දහස් ගානක් එනවා මේ සියල්ල කල්පනා කරලා බලලා පොලිසියක් නෙමෙයි පොලිස් මුරපොළක්. පොලිස් මුරපොළක් ලංකාවේ ඕනම පල්ලියකට ඕනම පන්සලකට සෙනග ගැවසෙන ස්ථානයකට ලංකාවේ ව්‍යවස්ථාවෙන්ම ඕනනම් නීති ප්‍රකාරව ඕන කෙනෙකුට ඉල්ලන්න පුළුවන්.. ඒ වගේම නීති ප්‍රකාරව පොලිස්පතිතුමාට ඒ ගැන සලකලා බලලා පැමිණිලි සලකලා බලලා පොලිසිය අනිත් අයගෙනුත් විමසලා අවශ්‍ය නම් දෙන්න පුළුවන්. එතකොට උමන්දාවේ තියෙන පොලිසිය වැරදි නම් මාලිගාවේ ඉඳලා කතෝලික පල්ලිවල කෝවිල් වල ඉස්ලාම් දේවස්ථාන සෙනග වැඩිපුර ගැවසෙන තැන් වල තියෙන ඒවත් වැරදි. කවුරුහරි කියනවා නම් පොලිස් ඉන්න එක වැරදියි කියලා ඒගොල්ලෝ කරන්න ඕන හෙට ඉඳලා උමන්දාවට එන දහස් සංඛ්‍යාත පිරිසකගේ ආරක්ෂාව නීති කටයුතු සිවිල් කටයුතු ඒගොල්ලේලෝ කණ්ඩායම් භාර ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට එන දහස් සංඛ්‍යාත පිරිස අපිට පාලනය කරන්න බැහැ. අනිත් එක තමයි අපි කරපු පොදු වැඩ වලදී අපි ගමේ ඉන්න සියලු දෙනාට ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා..



දැනට  ගමේ මිනිස්සුන්ට වතුර නැහැ එතකොට දැන් අපි ආරක්ෂක ලේකම්තුමාට මතක් කරනවා යුද හමුදාපතිතුමාට නාවික හමුදාපතිතුමාට මතක් කරනවා මේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ දුෂ්ටකම් වලට අපි කොටු වෙන්න ඕනද? පන්සල් පන්සල් තරහයි අපි අද පොලිස්පතිතුමා දැනුවත් කරලා පොලිස් මූලස්ථානය පැමිණිල්ලක් කළා. පන්සල් ගැන අපි අරගලයේ කතා කලා ද ?මේ පන්සල් වල වැඩ ගැන? ඒක අපි කවුරුත් කතා කළේ නැහැ.. අරගලය අපිරිසිදු වෙලා දැන්. දැන් අරගලයේ මාවත වෙනස් වෙලා. දැන් අපි ඉල්ලා සිටිනවා මේ සියලුම අරගලකරුවන්ට මෙවැනි පෞද්ගලික වෛර පිරිමහ ගැනීම කෝන්තර පිරිමහන්න යන්න එපා.. එතැනට පැමිණිලා තියෙනවා හාමුදුරුවරු.. ඇත්තටම හාමුදුරුවරු පන්සල් වලට ගහන්න එනවා කියන්නේ ඒක හරි පහත්. ඒ පන්සල් වල අයිති නිකායවල් වල සියලුම මහා නායක හාමුදුරුවන් වහන්සේලාට අපි දැනුවත් කරනවා. ඒ වගේම මං මේ සිද්ධිය විශේෂයෙන්ම මල්වතු මහා විහාරයට දැනුවත් කළා. උමන්දාව කියන්නේ මගේ පෞද්ගලික දේපලක් නෙමෙයි.. ඒක අයිති මල්වතු මහා විහාරයට. ඒකෙ පාලනය අධිකාරී බලය මල්වතු විහාරය සතුයි. මට ඒකේ තීරණ ගන්න බැහැ අනික උමන්දාව කියන්නේ ජාතික ව්‍යාපෘතියක්. රටේ ජනාධිපතිට,අගමැතිට පාර්ලිමේන්තුවට ඊළඟට අනෙකුත් සියලු අය මේ ජාතික ව්‍යාපෘතිය අපි දැනුවත් කරන්න ඕනේ. අනික උමන්දාව ඉන්න රජයත් එක්ක කටයුතු කරන පන්සලක්. අපි මේක තිස්ස අත්තනායක මැතිතුමාට දැනුවත් කළා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා ,සජිත් ප්‍රේමදාස මැතිතුමා, ඒ වගේම ගරු ආරක්ෂක ලේකම්තුමා ජනාධිපතිතුමත් අපි සියලු දෙනාටම දැනුවත් කරලා කිව්වා මේ සුළු පිරිසකගේ මේ දේ නිසා විශාල පිරිසකට ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ලෝකෙට හදපු වැඩපිළිවෙළක්..

උමන්දාව වටින්නේ අද නෙමෙයි තව අවුරුදු සීයකින්. ඒක විනාශ කරන්න දෙන්න එපා. ඒ නිසා අපි ගරු පොලිස්පති තුමාගෙන් ඉල්ලනවා ඒ වගේම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා කොන්ද කෙලින් තියාගෙන කොන්ද පණ ඇතුව වැඩ කරන්න ඕනේ. කොන්ද කැඩිච්චි නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න ඇති වුණේ. එතුමා බලයේ ඉන්නවා හෝ නැතා හෝ අපට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉන්න අන්තිම මොහොත දක්වා පණ තියෙන මිනිහෙක් වශයෙන් ඉඳලා යන්න ඕනේ රාජසිංහ රජ්ජුරුවෝ හිටියා වගේ. ඒ වගේම පොලිස්පතිතුමාට ඉල්ලනවා කිසිම කෙනෙක්ට මේ අරගලය විනාශ කරන්න දෙන්න එපා. සාමකාමී අරගල අවශ්‍යයි මිනිස් දේපල විනාශ කරන්න දෙන්න  එපා.. ලංකාව සිංහල බෞද්ධ රටක්. ඒ ජාතියේ අනන්‍යතාවය ,ආගමේ අනන්‍යතාවය විනාශ කරන්න දෙන්න එපා. පන්සල් වලට ගහන දෙන්න එපා. දැන් ඔය උමන්දාවට ගැහුව හින්දා හොඳයි වැරදිලා හරි වෙන තැනකට ගැහුවනම් පල්ලියකට කෝවිලකට දේවස්ථානයකටගැහුවානම්  අද කොච්චර ප්‍රශ්නයක්ද ලෝකයේ.ඒක තමයි ඇත්ත.. ඒ නිසා විශේෂයෙන් සිංහල බෞද්ධ මිනිස්සු පන්සල ආරක්ෂා කරගන්න ඕනේ.. ඒ වගේම අනිත් ජාතීන් ආරක්ෂා කරන්න ඕනේ. උමන්දාවට සිංහල මිනිස්සුන් විතරක් නෙමෙයි දෙමළ මිනිස්සු එනවා, මුස්ලිම් මිනිස්සු වෙනවා ඔක්කොටම අපි එන්න කියලා තියෙන්නේ. ඉතින් ඒකට අවට පන්සල් වල අය තරහයි. එක එදා ඉඳන්ම අවුරුදු පහක් හයක් තිස්සේම තියෙනවා..

දෙපැත්ත මිනිස්සු බෙදලා තියෙන්නේ ගම් දෙකට පන්සල් දෙකක්. ඒකට අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි දැන් මේ පොලිස්පතිතුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා දැන් මේ ඉදිරි කාලයේ දී රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන විශේෂයෙන් ජනාධිපතිතුමා අපි බලාගෙන ඉන්නවා අපිට නීතිය වැඩ කරනවද කියලා.. අනිත් අයට නීතිය අත්අඩංගුවට ගන්නවා වගේම උමංදාවේ සිද්ධියටත් අත්අඩංගුවට ගනිවිද මොකක්ද වුණේ ,මේ ආවේ කවුද අන්තිමට කියයි මමම එවලා කියලා. ඒක හරි අපට ඔප්පු කරලා පෙන්නන්න ඕනෙ.. අපි ඕන කෙනෙක්ට සමාව දෙනවා. අපි වෛර කරන්න වෙලාවක් නැහැ. අනිත් එක තමා තවත් එක චෝදනාවක් තමයි උමන්දාව හෙලිකොප්ටර් බෑවා කියන එක ඊයේ. හෙලිකොප්ටර් බාන්න එහෙම බෑ රටේ නීතියක් තියෙනවා අපි හෙලිකොප්ටරයක් බානවනම් ඊට පැය භාගයකට හෝ විනාඩි 45 කට කලින් පොලිසිය දැනුවත් කරන්න ඕනේ. පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඉස්සරහ තමයි එක වෙන්නෙ. එහෙම නැතුව මට ඕන වුණා කියලා එක එක තැන්වලින් හෙලිකොප්ටර් බාන්න බෑ. .අනෙක් චෝදනාව තමයි උමංදාවේ ඉඩම වටේ දිග විතරක් තියෙනවා ගණන් හදලා බැලුවොත් කිලෝමීටර් පහළොවක් වැටවල් විතරක් තියනවා..

මට කියන්න ප්‍රායෝගිකද තාප්ප ගහන එක කිලෝ මීටර් 15 ක ට? කිලෝමීටර් පහළොවෙන් අපිට තාප්ප හදන්න පුළුවන් වෙලා තියෙන්නේ තාම මීටර් 50යි. මීටර් 50 තාප්ප තියෙනවා අනිත් එක ගේට්ටු දහයක් විතර තියෙනවා.. ඒ තුළින් ඕන කෙනෙකුට ඕන තැනකින් එන්න පුළුවන්.. අනික ඉතින් කිලෝමීටර් පහළොවක් වටප්‍රමාණයක් තියෙන්න පන්සලකට ගේට්ටු ඕන තරම් තියෙන පන්සලකට මොකටද කරන්ට් වයර් ගහන්නේ.

හිරු ආයතනය සමාජයට හැමදාම වැරදි පූර්වාදර්ශ දුන්නා. මම එදා ඉඳලම ඒක විවේචනය කළා බොරු දත්ත පෙන්නුවා. විශාල මුදලක් හම්බ කරගත්ත ආගමේ නාමයෙන්.. ඔන්න ඊයෙත් එකක් කළා. උමංදාවේ කරන්ට් එක දාල නෑ බකට් ක්ලබ් එකට කරන්ට් එක දාල ඇනෙ ගැහුවහම පියුස් යනවා. ඔය හිරු එකේ ඉන්න මෝඩයන්ට ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන්ට  සාමාන්‍ය අතුගාන මිනිහෙක් උනත් දන්න සිද්ධාන්තය ඇයි දන්නේ නැත්තේ. ඇයි ඒ වගේ බොරු නිවුස් හදලා දාන්නේ? එතකොට අපිට තේරෙනවා මේ ඔක්කොම ප්ලෑන්. මම කියන්නේ රටේ සියලු පොදු මහජනතාව උමන්දාව වටා එකතු වෙලා ඉවරයි. ඊළඟට රටේ ජනාධිපතිවරයා කවුද අගමැතිවරයා කවුද එයාට උමන්දාව මගාරින්න බෑ මොකද මේක ජාතික ව්‍යාපෘතියක් වෙලා ඉවරයි. දැන් මට ඕනේ ඒ නිර්මාණය කරන්න. මම ඉල්ලා සිටිනවා මේ වෙලාවේ ජනාධිපතිතුමාගෙන් ආරක්ෂක ලේකම්තුමාගෙන් ඊට පස්සේ යුද හමුදාපතිතුමාගේ නාවික හමුදාපතිතුමා ගෙන් ඒ වගේම ගුවන් හමුදාපතිතුමා මේ සියලු දෙනාගෙන්ම අපි ඉදිරියේ බලාපොරොත්තු වෙනවා අලුත් රජයක් පත් වෙයි කියලා.

ඒවගේම අපිට කනගාටුවක් තියෙනවා රටේ ඇතිවෙච්ච තත්වය ගැන. දැන් අද මහ බැංකුවේ අධිපතිතුමා දැනුම් දුන්නා තවත් සති දෙකක් ඇතුළත දේශපාලන ස්ථාවරයක් ගොඩ නැගුණේ නැත්නම් රට බිඳ වැටෙනවා කියලා. මට තිස්ස අත්තනායක මහත්මයා කතා කරලා ඒ කතාවත් කිව්වා. අපි ඉල්ලනවා මේ වෙලාවේ පක්ෂ විපක්ෂ පොඩ්ඩක් අමතක කරලා විශේෂයෙන් සජිත් මැතිතුමාට ඊට පස්සේ අනෙකුත් මෛත්‍රීපාල මැතිතුමන්ට සහ  ජනතා විමුක්ති පෙරමුණට ඔක්කොම එකතුවෙලා රට වැටෙන්න දෙන්න එපා.. මේ රට ගොඩගන්න උනන්දු වෙන්න. ඒකට පස්සේ මාස කිහිපයක් ඉඳලා හරි කමක් නෑ දේශපාලන තීන්දු ගන්න. එතකං මේ අවස්ථාවේ හැමෝම නම්‍යශීලී වෙලා රට ගොඩ ගන්න උත්සාහ ගන්න. එකත් අපි මේ අතරේ ඉල්ලනවා. ඊළඟට උමන්දාවට කොහෙන්ද උදව් කලේ කවුද සල්ලි දුන්නෙ? උමන්දාව ආණ්ඩුවේ සල්ලි ගත්තද ?



නෑ. උමන්දාව ආණ්ඩුව සල්ලි ගත්තේ නෑ අපිට ලෝකේ පුරාම ඉන්න මිනිස්සු ලක්ෂ සංඛ්‍යාත සිංහල මිනිස්සු විශේෂයෙන් ලක්ෂ සංඛ්‍යාත මුදල් දුන්නා.. ලංකාවේ විදියක් තමයි මම දැකපු බෞද්ධ මිනිසුන්ගේ ඒ මිනිස්සු කවුරු හරි වැඩක් කරනවා දැක්කොත් ඒ වැඩ කරන මනුස්සයට කනකර උගස් කරලා හරි ඒ වැඩේට අවශ්‍ය දේ දුන්නා.. අපි අවුරුදු දෙදහස් ගණනක් පන්සල් හැදුවේ ඒ විදියට. මේ ව්‍යාපෘති අපිට තනියෙන් ගෙන යන්න බෑ.. එක්කෝ මේක යුද හමුදාවට භාර දෙන්න ඕනේ එක්කෝ මේකට වෙනම අමාත්‍යංශයක් පත් කරලා මේක වෙනම ආණ්ඩුවෙන් මේක කරන්න ඕනේ..ඇත්තටම මං මේක මිනිස්සුත් එකතු කරගෙන ඒ උදව් කරන රුපියල් 50 ,25 ඉඳලා ලක්ෂ කෝටි ගාන දක්වා ආධාර දෙන අය ඉන්නවා.. ඒව අපි වියදම් කරන්නේ නැතුව බොහොම පරිස්සමට අපිත් මහන්සි වෙලා අපි පුළුවන් විදියට වැඩ කරගෙන තමයි උමන්දාව දියුණු කළේ.

අපිට ඉරිසියා  කරනවට වඩා හොඳයි අපි වගේ ඕනම හාමුදුරුවෝ කෙනෙක්ට වැඩ කළොත් මිනිස්සු උදව් කරනවා. වැඩ කරන්නැතුව මඩ ගහනකොට කවුරුත් උදව් කරන්නේ නැහැ. තියන කෑමත් නැති වෙනවා. හැමදාම උමන්දාව උදව් කළේ පන්සලෙන් ගමට ඇවිල්ලා ඒගොල්ලොන්ට තිබිච්ච අරගලය තමයි උමන්දාවෙන් බඩුමලු බෙදනවා මිනිස්සුන්ට.. ඔව් මං බෙදනවා, මම හෙටත් බෙදෙනවා දුප්පත් මිනිස්සු. මට ඇවිල්ල කිව්වා මට මතකයි කොරෝනා ප්‍රශ්න වෙලාවෙදි ලක්ෂ සීයක් මම එකතු කළා එකට බඩු අරගෙන ලක්ෂ 100 මම හිතන්නේ ලොරි 50ක්ද හැටක් ද සෑම පැත්තකටම බෙදුවා. ඒ අවුරුද්දේ මිනිස්සුන්ට කන්න තිබුණෙ නැහැ.. අවුරුදු තිබුණෙ නැහැ අවුරුද්දට කිරිබත් උයන හට්ටියත් දුන්නෙ උමන්දා වෙන්. හාමුදුරුවරු තරහා උනාට උමංදාවේ මිනිස්සුන්ට බඩු දෙනවා කියලා අපි හෙටත් බඩු බෙදෙනවා දුප්පත් මිනිස්සුන්ට. එනිසා උමංදාවෙන් බඩු බෙදනවා විතරක් නෙමෙයි උමන්දාවට ගහන්න ආවම අන්තිමට තෙත් දීලා කෑමත් දීලා තමයි යවන්නෙ.

ඒක මගේ විදිහ.. මම හැමදාම ගහගන්න කලින් ගහගන්න මනුස්සයත් එක්ක තේ බිලා කාලා ඉවර වෙලා තමයි ගහ ගත්තේ. එනිසා අපි එකට කාත් එක්කවත් වෛරයක් නැහැ මම කියන්නේ පන්සල් වලට මේ අරගලයේ දැන් දිශානතිය වෙනස් වෙලා. දැන් තව දවස් කිහිපයකින් වෙසක් පෝය. මම යෝජනාව කරනවා දකුණේ ඉඳලා උතුරු කොන දක්වාම සිංහල දෙමළ මුස්ලිම් දැන් භේද ඔක්කොම අමතක කරානේ. භේද ඔක්කොම අමතක කරා නම්  දකුණු කොනේ ඉදල උතුරු කොනට සියල්ලෝම වෙසක් කූඩුවක් දල්වන්න. ආගම් ජාති භේදයක් බලන්නේ නැතුව අරගලය කරන්න ඕන. අවිහිංසාවාදීව අරගලයේදී අපි  මිනිස්සුන්ට දෙන්න ඕන කන්න. කන්න නැති මිනිස්සු ගිනිබත් කරන්න හොඳ නැහැ.. ඒ නිසා අපි අරගලකරුවන්ට ආරාධනා කරනවා වෙසක් පෝයට සරසමු ගෝල්ෆෙස් පිට්ටනිය වෙසක් කූඩු වලින්.. මුළු ලංකාවේම පහනක් සෑම ගෙදරකම දල්වන්න. බෞද්ධ ක්‍රිස්තියානි කතෝලික ඉස්ලාම් හැමෝම එකතු වෙන්න..

අන්න ඒකයි සුන්දර අරගලය. මිනිස්සු බෙදන්න එපා. මිනිස්සුන්ට ගහන්න එපා. මිනිසුන්ට හිංසා කරන්න එපා, මිනිස්සුන්ට සේවය කරන තැන් වලට වෛර කරන්න එපා. මම හිතන්නෙ ලංකාවෙ වැඩිපුරම බැනුම් අහපු මේ සියවසේ කෙනා මම. හැබැයි වැඩිපුරම සාර්ථක වෙච්ච කෙනාත් මම. ඉදිරියටත් ඒක එසේමයි. ඒ නිසා අපිට මේ විදිහට ගහපු බැනපු ස්වාමීන්වහන්සේලාට වෛර කරන්නේ නැහැ අපි ඒගොල්ලොන්ට ආරාධනා කරනවා උමන්දාව බලපු එක හොඳයි. බලල ඒ විදියට උන්වහන්සේලා පන්සල් හදාගන්න දායකයෝ දැනුවත් කරන්න.. මේවා දැනුවත් උනා නම් මම හිතන්නේ රට හුඟාක් සුන්දර ලස්සන තැනක් වේවි..අපි ඉල්ලා සිටිනවා මේ රජය ජනාධිපතිතුමාගෙන් රටේ නීතිය කඩන්න දෙන්න එපා කාටවත්. ඒ වගේම ආරක්ෂක ලේකම්තුමා පොලිස්පතිතුමා යුද හමුදාපතිතුමා ඇතුළු අනෙක් සියළු හමුදාපතිවරුන් රටේ නීති ක්‍රියාත්මක කරන්න. ඒ වගේම උමන්දාව ජාතික ව්‍යාපෘතියක්. මට එක තනියෙන් කරගන්න බෑ. ඒක සාමූහික වැඩක්. මේ සාමූහික වැඩේ අපි ඔක්කොම එකතු වෙලා කරමු..