
මෙසේ මියගොස් ඇත්තේ අරලගංවිල අරුණපුර පදිංචිව සිටි අඹු සැමි යුවලක් හා පන්නිපිටියේ පදිංචි ඥාති කාන්තාවකි.
ස්වාමි පුරුෂයා හා බිරිය 63 හා 62 වයස්වලත් මියගිය ඥාති සොයුරිය 75 වියේත් පසුවන්නන් විය. අඹුසැමි යුවළ එම ස්තානයේදීත් ඥාති සොයුරිය රෝහලේදීත් මියගොස් ඇත.
ත්‍රී රෝද රථයේ ගමන් ගත් පිරිස අරලගංවිලසිට මාතලේ ප්‍රදේශයේ ඥාති නිවසකට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
අනතුරට පත් පෞද්ගලික බස්රථය මඩකලපුව ශීක්ෂණ රෝහලට කාර්ය මණ්ඩලයේ පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයකි.
බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. මනම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



Comments
Post a Comment
Your comment will be visible after approval