parliament-date-extended

ඇතිව තිබෙන අයහපත් වාතාවරණයට ජනතාව වෙනුවෙන් ඉක්මන් පියවර ගැනීම සදහා පාර්ලිමේන්තුව හැකි ඉක්මණින් රැස්කිරීමට සූදානම් බවට කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ දන්වා තිබූ අතර ඒ අනුව අද (10) දන්වා තිබුනේ ලබන සිකුරාදා 13 පාර්ලිමේන්තුව රැස්කරන්නටත් ඊට පෙර පක්ෂ නායකයන් හමුවී අගමැති වරයෙකු පිලිබද අවසන් නිගමනයක් ගන්නටත් සූදානම් බවයි.



මීට ජනපතිගේ එකගත්වය ලබාගෙන තිබුණි.
නමුත් අද සන්ධ්‍යා කාලයේ වාර්තාවන්නේ පක්ෂ නායකයින් කිහිපදෙනාට පවා ආරක්ෂාව ගැටලුවක් වී ඇති බවයි.ඊයේ නිවාස ප්‍රහාරයට ලක්වූ පක්ෂ නායකයන්ද මේ අතර සිටින අතර ඔවුන් තමන්ගේ පුද්ගලික විපත්තිය වෙනුවෙන් යුහුසුලුවෙමින් ආරක්ෂිත තැන් තම පවුලේ අයට සොයමින් මේ දිනවල වෙනත් අරමුණක කටයුතු කරන බව හදුනාගන්නට ලැබී ඇත.මේ හේතුවෙන් පක්ෂ නායක හමුව අවලංගු කිරීමට කතානායක වරයා රාත්‍රියේ තීරණය කලේය.


එසේම ලබන 17 අගහරුවාදා වෙනුවට 13 සිකුරාදා පවත්වන්නට සූදානම්වූ පාර්ලිමේන්තු රැස්වීම පවා එදින පවත්වන්නට අපහසු තත්වයක් පැනනැගී ඇත. මේ වනවිට ආණ්ඩු පක්ෂයේ මැතිඇමතිවරු 50 කට වැඩි පිරිසකගේ නිවාස අලාබවී ඔවුන්ට වාසස්ථාන හා ආරක්ෂාව සම්බන්ධයෙන් සොයාබලන්නට උවමනා වී ඇති පරිසරය තුළ ඔවුන් පාර්ලිමේන්තුවට කැදවීම ගැටලුකාරී වී තිබේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව ඊළගට රැස්වන දිනය 113 විමසන ඡන්ද විමසීමකින් අගමැති තේරිය යුතුවන බැවින් එදිනට අවම ඝන පූර්ණයක් පැවතීමද පාර්ලිමේන්තු කටයුතු වලට බාධාවක් බැවින් ලබන සතියේ වෙසක් පොයෙනුත් එහා දිනයක් දක්වා පාර්ලිමේන්තුව තව කල්යනු ඇතැයි වාර්තා පළවේ.