parliament-anthare-tear-gas

“ආණ්ඩුව පන්නමු – ක්‍රමය පෙරළමු” යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (5) සවස විජේරාම හන්දියේ සිට පාගමනින් ගමන් අරඹා
පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන පොල්දූව මංසන්ධිය වෙත විශාල පිරිසක් රැගෙන විරෝධතාවයක් සිදු කර තිබුණි.
විරෝධතා පාගමන නිසා මාර්ග රැසක් අද අවහිරවූ අතර පසුව පිරිස පොල්දූව හන්දියට පැමිණීම සමග පැමිණීමත් පස්වරුවේ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
ස්ථාපනය කරන තිබුණු තාවකාලික මාර්ග බාධකයක් ද පෙරළා ඉදිරියට ගමන් කළ පිරිස පසුව එහි තිබූ තවත් මාර්ග බාධකයක් ඉවත් කිරීමට කටයුතු කර තිබිණි.
එම අවස්ථාවේ විරෝධතා පාගමනට පොලිසිය විසින් කඳුළු ගෑස් එල්ල කරනු ලැබ තිබේ.
එම අවස්ථාවේ පිරිස විසිර ගියහ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ සාමාජිකයින් විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව තිබේ.